විවෘත වෙළඳපොලේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැතිවීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟයක් පවතී. ඒ සඳහා තවකාලික පියවරක් ලෙස සතත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 15000ක් ආනනය කිරීම සඳහා සීමා සහිත ශ්‍රි ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය බලපත්‍ර ලබා දී ඇත.
ඒ අනුව සීමා සමිත ශ්‍රි ලංකා රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථව මගින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් වෙතින් බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 15000ක උපරිමයකට යටත්ව ප්‍රසම්පාදනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.