පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව කවුඩුල්ල ජලාශය වාන් දොරටු හතර අගල් නවය බැගින් අද (19) උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාන් දොරටු දොළහෙන් වාන් දොරටු හතරක් අගල් නවය බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ඝනාඩි 956 ක් ජලය කවුඩුළු ඔයට මුදා හැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්රකාශකයකු පැවසීය.
