saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3613 hours ago

LATEST

ඩෙංගු මර්දන සහායකන් ගැන දෙපැත්තෙන්ම හිත් උණුවේ

calendar_today 2023 ජුනි 20 - 16:45 remove_red_eye - 229  

ඩෙංගු මදුරු මර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලා සිටී.

නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මේ වන විට සේවා දිගුවක සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26දා අවසන්වීමට නියමිතය.

Read More

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දි ශල්‍යකර්මයකට මුහුණ දුන් වයස අවුරුදු දෙක හමාරක දරුවකුට ලබාදුන් නිර්වින්දන එන්නත විෂ වී එම දරුවා මිය ගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .

Read More

මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

වතුගෙදර පැටිවත්ත ප්‍රදේශයේදී අද (20දා) අලුයම් කාලයේදී එල්ලවූ මැර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ බැඩ්මින්ටන් භාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර මහතා බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කිරීම සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටියි.

Read More

පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

Read More

මුතුරාජා ඇතා සම්බන්ධ කරුණ නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට කිසිදු ගැටළුවක් මතුවී නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.06.20 දින අවධාරණය කළේය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මෙම වසරේ ඊයේ (19දා) දිනය තෙක් මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

වාහන ආනයන සීමා ලිහිල් කිරීමක් මේ වසරේදී සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

මාර්ග අනතුරු ඇතුළුව ශ්‍රී ලංකාවේ අනතුරු නිසා ආබාධිත,පූර්ණ ආබාධිත තත්වයන්ට මෙන්ම මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාවද ඉහල ය. මෙසේ සිදුවන අනතුරු සංඛ්‍යාවත්, එම අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් අඩු කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකය නව වැඩපිලිවෙලක් ආරම්භ කල බව එම ඒකක ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

Read More

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල් පරිශ්‍රය තුළදී ඇති කර ගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලබා ඊයේ (19දා) රෝහලේ වාට්ටු දෙකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ බිත්තර පරිභෝජන අවශ්‍යතාවය සඳහා කිකිලි පැටවුන් ලක්ෂයක් බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

Read More

ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ. 2022 වසරේදී වාර්තාවූ ළමා ලාදුරු රෝගීන් ප්‍රතිශතය 11.1%කි. නමුත් 2023 දී, එනම් මේ වසරේ මේ දක්වා එම අගය 8.4% ලෙස වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දනව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

Read More

ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් බව සුරාබදු දෙපාර්තමෙන්තුව සදහන් කරයි

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවූ අමනෝඥ තීන්දු තීරණ වලින් ඈත් වීමට කටයුතු කරන්නේ නම් මෙරට ජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත භාවය සුරක්ෂා කිරීමට එකට හිට ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 700කමුදලක් අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය මේ පිළිබඳව සඳහන් කර සිටියි.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොලොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.16 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

දහතුන් හැවිරිදි තම දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුලදීම මව්පිය යුවලක් වස පානය කර අසාධ්‍ය තත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේන බව පොලිසිය කියයි.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය අද (19)සිට ආරම්භ වේ. මෙම පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම පසුගිය 9 වන දා සිදු කළ අතර, රුහුණු මහා කතරගම දේවාලයෙහි වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසල පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ අධි ආරක්ෂක කලාපයට හිස් පතුරම් කොපු 32 ක් ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය යටිනුවර වීදිය සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ .

Read More

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.

Read More

ජේ.වී.පී,රැස්වීම්වල හිටපු අය දැන් අපේ රැස්වීමවලට එන බවත් රට ආර්ථික වශයෙන් ගොඩනැගෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19දා) වරෙන්තු නිකුත් කළේය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.