සතොසේ බිත්තර මස්කෙළිය වෙළඳසැල්වල වැඩි මිලට විකුණයි
මස්කෙළිය නඟරයේ පිහිටි සතොස අලෙවි සලෙන් රුපියල් 35/- ට බිත්තරයක් මිළදී ගෙන රුපියල් 65/- ක අධික මිළකට මස්කෙළිය නඟරයේ වෙළඳසල් කීපයක ව්‍යාපාරිකයින් විසින් විකුණන බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව චෝදනා කර සිටිති.
එක් පාරිභෝගිකයෙකුට එක් වරකට සතොස අලෙවි සලෙන් බිත්තර නිකුත් කරනු ලබන්නේ 30 ක් පමණි. නඟරයේ මෙම කූඨ ව්‍යාපාරිකයින් පුද්ගලයින් කීප දෙනෙක් යොදවා වරින් වර බිත්තර මිළදි ගෙන තම වෙළදසල් වල වැඩි මිළට විකිණීමේ මෙම ජාවාරම කරගෙන යන බව පාරිභෝගික ජනතාව පවසති.
සතොස අලෙවි සලෙන් විකුණනු ලබන බිත්තරවල නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය බිත්තරයේම මුද්‍රිතව සටහන් කර තිබේ. අනන්‍යතාවය එසේ සටහන්ව තිබෙන බිත්තර මෙසේ වැඩි මිළට අලෙවි කර වැඩි ලාභයක් උපයන කූඨ ව්‍යාපාරිකයින්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානයට ලක්කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති.
මස්කෙළිය ගාමිණී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

