saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3606 hours ago

LATEST

මෙගාවොට් 600ක එල්.එන්.ජී. ව්‍යාපෘතියක්

calendar_today 2023 ජුනි 22 - 07:01 remove_red_eye - 457  

ඉන්දියානු බල ශක්ති සමාගමක්වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි. (PetronetLNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

දැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 56,388/= ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු. මිලියන 2,531ක් වැය කර තිබුණද, තවදුරටත් ගෙවීම සඳහා රුපියල් මිලියන 14,23ක හිඟ බිල්පත් පවතින බවත් මෙහිදී අනාවරණය විය. එසේම රුපියල් මිලියන 56,999ක මුදලක් ව්‍යාපෘතිවල වැඩ නිමකිරීම සඳහා තවදුරටත් අවශ්‍යව ඇති බවත් මෙහිදී හෙළි විය.

Read More

මෙරට තුළ ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

රජයේ රෝහල් සතුව තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර 12 ක්, එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර දෙකක්, හෘද කැතීටර යන්ත්‍ර තුනක් හා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකක් අක්‍රිය වී තිබේ.

Read More

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම පෙත්සම්කරු විසින් අද (21දා) ඉල්ලා අස්කර ගනු ලැබීය.

Read More

නිර්වින්දන එන්නතක ඇති වූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ළමා රෝහලේ දී කුඩා ළමයකු මියයාමේ සිද්ධිය ප්‍රතික්ෂේප කරන බවත් සංකූලතා ඇතිවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලද එම නිර්වින්දන එන්නත කිසිසේත්ම කුඩා ළමයින්ට භාවිතා නොකරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

දීර්ඝ කාලයක සිට රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදු කරමින් ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගත කරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’ රසල් ඇලෝසියස් ස්මිත්’’ නැමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණරංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවකටඉදිරිපත් නොවීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් විය .

Read More

රටතුල ඇතිවූ ආර්ථික අවපාතයහේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලදී.රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබාදුන් ණය මුදල් නවතා දැමීම මෙම ඉදිකිරීම් නැවතීමට හේතුව විය.

Read More

මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි.

Read More

මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා තීරණය විය.

Read More

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

Read More

යාපනය පලාලි ගුවන්තොටුපල දිනෙන් දින කාර්යක්ෂම වීමත් වැඩි මගීන් ප්‍රමාණයක් ඉන්දියාව අතර ගමනාගමනය වීමත් හේතුවෙන් ගුවන්තොටුපල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

Read More

නුගේගොඩ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ පැය දහයක් තුළ හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටුලුවට ස්ථිර විසදුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාදී තිබේ.

Read More

බැතිමතුන් විසින් රුවන්වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේට පූජා කළ සිවුරු අටපිරිකර ඇතුළු ලක්ෂ දෙකකට වැඩි පිරිකර සොරකම්කළ පුද්ගලයකු ඊයේ ( 20 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව වරයාට වෙඩි තබා තුවාල සිදු කිරීම හා ත්‍රි පුද්ගල ඝාතනයක ට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවක් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ආහාරමය නොවන කටයුත්තක් සඳහා යොදාගත් බඳුන් ආහාර බහාලීම සඳහා යොදාගැනීම බරපතල වරදක් වන අතර විශේෂයෙන් ලිහිසි තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් මෙන්ම මළකඩ කෑ බැරල්වල බහාලූ පොල්තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය පරිහරණයෙන් විෂවීම්, අසාත්මිකතා ඇතුළු විවිධ සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි බවත් අදාළ නිලධාරීහු පවසති.

Read More

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ අද (21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

Read More

ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිළධාරීන් විසින් 2023.06.20 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී නාඳුනන පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලික අංශය ද අල්ලස් ගැනීමේ වරදක් සිදු කළහොත් දූෂණ මර්දන පනත් කෙටුම්පත යටතේ දඩුවම්ලබා දිය හැකි බව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

කටාර් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක සහ කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ අතර ගුවන් ගමන් දිනකට වාර 05 දක්වා වැඩි කර තිබේ.

Read More

වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට බලය ලබාදී ඇතත් ජනාධිපතිවරු එම බලය පාවිච්චි කිරීමේදී අසමානතා මතුවිය හැකි හෙයින් එම අසමානතා මගහැරීම සදහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (20) ඉල්ලා සිටියේය.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමෙරිකාවේ Helpline Lanka හරහා අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි. මෙරට ඇමරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දුන්නාය.

Read More

කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම අද දිනයේදී කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිවූ අතර කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

Read More

2023 ජනවාරි මස 01 දා සිට 2023 ජූනි මස 20 දින දක්වා ශ්‍රි ලාංකිකයින් 3354 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

Read More

මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි.

Read More

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.