පාසල් නිවාඩු කාලය තුළ සම්පූර්ණ මාසික ගාස්තුව ඉල්ලා සිටින පාසල් බස් රථ හිමිකරුවන්ට එලෙස නොකරන ලෙස දන්නවා ඊට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබේ .
ආණ්ඩුකාරවරයා මෙම උපදෙස් ලබාදෙන ලද්දේ ඉකුත්දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය .
මෙවර පාසල් නිවාඩු කාලය ජනවාරි මාසය පුරා ක්‍රියාත්මක වන බවත් එසේ තිබියදී මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් බස් රථ හිමියන් සම්පූර්ණ මාසික ගාස්තුව ගෙවන්න ලෙස දරුවන් මගින් දෙමව්පියන්ට පණිවිඩ ඒවා ඇති බවට දෙමව්පියන් පිරිසක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත පැමිණිලි කොට තිබුණි .
පාසල් සිසුන් එකදු දිනයක් හෝ ප්‍රවාහනය නොකර සම්පූර්ණ මාසික ගාස්තුව අය කිරීම අසාධාරණ බව පවසන එම දෙමව්පියන් ඉන්ධන හෝ කිසිම වැය කිරීමක් නොකර සම්පූර්ණ ගාස්තුව ඉල්ලා සිටීම නොකළ යුත්තක් බවද තවදුරටත් දැනුම් දී තිබේ .
කමිටුවට ඉදිරිපත් වූ පැමිණිල්ල සලකා බැලූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ජනතාව දුෂ්කරතා රැසක් සමග ජීවත්වන කාලයක පාසල් බස් රථ හිමියන්ගේ එම ඉල්ලීම ගැටලුකාරී බව පෙන්වා දුන් අතර පාසල් බස් රථ හිමියන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දැනුවත් කොට එකඟතාවයකට පැමිණෙන ලෙස පළාත් ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දෙන ලදී .
කමිටුව හමුවේ අදහස් දක්වා සිටි පළාත් ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) යු. ආර්. ආරියවංශ මහතා තම ආයතනයේ ලියාපදිංචි වී ඇති සියලු බස්රථ සඳහා මෙම දැනුම් දීම සිදුකරන බවත් අනෙකුත් බස් රථ හිමියන් සඳහා බස් රථ සංගමය හරහා දැනුවත් කොට ඒ මගින් අවශ්‍ය කටයුතු සලසන බව අවධාරණය කළේය .