නැගෙනහිර හා ඌව පළාත්වල දැනට පවතින් වැසි තත්ත්වගේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් හෙට දිනයේදී නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරමුව, දකුණු හා ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ගාල්ල , මාතර හා රත්නපුර දිස්ික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනයේදී මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.