ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ යෙදී සිටින චීනයේ සිනෝපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
කෙසේ වෙතත් සංස්ථාවේ මිල ගණන්වලට වඩා ඔක්ටේන් 92 පෙට්‍රල් හා ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. බැගින් සහනයක් පාරිභෝගිකයන්ට ලබාදීමට එම සමාගම කටයුතු කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු 363කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 464කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 355කට, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 475කට එම සමාගම විසින් අලෙවි කරනු ලබයි.