saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 3504 hours ago

LATEST

ප්‍රිමා තිරිගු පිටි මිල රු 10 කින් අඩු කරයි

calendar_today 2023 ජුලි 18 - 18:32 remove_red_eye - 174  

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල (18) දින සිට රු 10 කින් අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

තෙමහල් නිවසක උඩුමහලේ කාමරයක තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයා අභිරහස් ලෙස මියයාමෙන් අනතුරුව ඔහු සමඟ එම කාමරයේ ගතකළ කාන්තාවගේ සිරුර එම කාමරේම බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කොහුවල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එය මිළදී ගැනීම සදහා ’’ ජනතා සමාගමක් ’’ ස්ථාපිත වෙමින් පවතින බව එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අද (18දා) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

Read More

’’සුද්දන් රට පාලනය කරන කාලේ ගිවිසුම් ගහන කොට, එවකට සිටි අස්ගිරි මල්වතු මහා සංඝරාජ උත්තමයාණන් වහන්සේලාට දළදා හාමුදුරුවන්ගේ තේවාව පෙරහැර කරන්න සුදු ජාතිකයන් අනුග්‍රහය ලබා දුන්නා, ගිවිසුම් ගැහුවා, දැන් එම සුද්දන්ට ජාතක වෙච්ච කළු සුද්දන් මෙවර පැවැත්වෙන දළදා පෙරහැර පවත්වන්න ලක්ෂ එකසිය තිහකට වැඩි බිලක් ගෙවන්න කියලා ඉල්ලීම් කිරීම හාස්‍යයට කරුණක්’’

Read More

සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Read More

මැල්සිරිපුර පොලීසිය අසාධාරණ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවට චෝදනා කරමින් පුද්ගලයෙකු අද (18දා) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ පොලීසියට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වූහ.

Read More

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

අභිනවයෙන් ඉදිකෙරුනු ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹීමට මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි, ජුලී චන්ග් මහත්මිය සමග නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නැගෙනහිර නාවික විධා‍නයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Read More

රටේ පවතින බිත්තර සහ කුකුල්මස්ප්‍රමාණවත් නොවීම හා මිලගණන් ඉහල යාමට විසඳුමක් වශයෙන් බිත්තර සහ කුකුල්මස් මේන්ම සත්ව නිශ්පාදන උතුරු පළාතෙම නිශ්පාදනය කොට ජනතාවට සහනදායි මිලකට ලබා දීමට පියවරගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Read More

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසර සහ තුන්වැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් එම සිසුන් අද දා දවහල් තාවකාලිකව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලන අධිකාරිය කටයුතු කළේය.

Read More

නිලාවේලි මුහුදේ දියනාමින් සිටියදි ගොඩබිමේ සිට මීටර් 100ක් මුහුදේ හදිසියේ ඇති වු දිය වැලකට හසුව ගසාගෙන යද්දි පාසල් සිසු සිසුවින් හතර දෙනෙකු ඊයේ (17දා) බේරා ගැනිමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකය සමත්විය.

Read More

පානදුර දකුණ පොලිස් වසමේ චෙත්‍යයක් වටා තැන්පත් කර තිබූ බුදු පිළිමවහන්සේ කිහිප නමකට කිසියම් පුද්ගලයෙකු හානිකර ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානයට ලැබුණ පැමිණිල්ලක් අනුව පරීකෂණ ආරම්භ කර තිබේ.

Read More

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ඇතුළු සේවාවන් හා රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා මෙමගින් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

Read More

බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ දී අද (18දා) උදේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියැදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

Read More

බාල ඖෂධ ගෙන්වා ඇතැයි කියමින් සමහරුන් කරන ප්‍රකාශ සහ පසුගිය දිනවලදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවීම් ආශ්‍රිතව සොයා බැලීමට ඉහලම සුදුසුකම් සහිත විශේෂඥයින්ගෙන් සමන්විත සත් පුද්ගල කමිටුවක් පත් කල බව සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

Read More

පැමිණිල්ලකට අදාළව ඉංගිරිය පොලිසියට රැගෙන ආ පුද්ගලයකු හදිසියේ රෝගාතුර ව ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (17) රාත්‍රී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් විධායක නිළධාරියකුට අමාත්‍යයවරයා ඉදිරියේම අද (17) පහර දෙනු ලැබීය.

Read More

අනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සමබන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානයට යොමුවිය. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල නව ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකිරීම ගැටළුවක් බවත් , සිදු කිරීම විශාල ගැටළුවක් බවත් පාලනයකින් තොරව මෙම කාර්යය සිදු වන බවත් කටමිටුවේ දී සාකච්ඡාවට ලක්කෙරිණි.

Read More

රජයේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10කට පසුව යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කරයි ඉහළ අස්වැන්නක් ලබාදීමට සහාය වූ ගොවි ජනතාවට ජාතියේ උත්තමාචාරය. ලංකාව පුරා අධිතාක්ෂණික ආදර්ශ වගා බිම්. 2026 අවසන් වන විට මෙට්‍රික් ටොන් 60ක බඩඉරිඟු අස්වැන්නක්. ඉදිරි කන්න 6ක් තුළ වී අස්වැන්න දෙගුණයකින් ඉහළට.

Read More

මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිතා කරන විදුලිය සඳහා විදුලිබල මණ්ඩලයට වැය වෙතැයි ඇස්තමේන්තු කොට ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කොට ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .

Read More

සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැවි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 3 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියම කලේය.

Read More

ඖෂධ හේතුවෙන් සිදුවූ බව කියන මරණ සම්බන්දයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි.

Read More

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ගම්පහ නගරයේ ප්‍රධාන වෙලඳසැලක අයකැමිවරිය ලෙස සේවය කල කාන්තාවක් විසින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා සහගතව ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

Read More

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය.

Read More

මේ වනවිට රට තුළ භාවිත කරන නිසි පරිදි තත්ත්වය පරීක්‍ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ සියල්ලම කඩිනමින් භාවිතයෙන්ඉවත් කළ යුතු බවවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිළිබඳවෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

විදේශ ගමන් බලපත්‍රඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනෙකු අයදුම්කර ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හොරණ මූලික රෝහලේ තිබූ එකම සි ටි ස්කෑන් යන්ත්‍රයත් අක්‍රීය වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.