දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
චාමර වීරසිංහ මහතා දින 40 කට ආසන්න කාලයක් වෛද්‍ය ප්‍රතිකාර යටතේ ගත කළ අතර පසුගිය මාසයේදී ඔහු කලුබෝවිල රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවයක් හේතුවෙනි.
ඔහු ශල්‍යකර්ම දෙකකට භාජනය කර ඇති අතර සුවය ලැබුවද තවදුරටත් විවේකයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දී ඇත.