රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක් බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30000කට වැඩි බදු මාසිකව ගෙවන බවත් මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහෙත් පරාටේ නීතිය ගෙනවිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ පුද්ගලික දේපල වෙන්දේසි කරන බවත් මේ තත්ත්වය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ ජනතාව මිනිමරු ත්‍රස්තවාදයෙන් මුදවා ඇස් ඉස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කර ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට ඉටුකළ දැවැන්ත අමරණීය සේවාව සමගි ජන බලවේගය කිසිදා අමතක නොකරන බවත් එසේ මුදවා ගත් රටේ නායකයෝ ක්‍රියාත්මක කළ ආර්ථික ත්‍රස්තවාදයෙන් මහබැංකු අරමුදල්වලට පිට් පොකට් ගැසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රට දේශපාලන නායකයන්ගෙන් ආර්ථික ත්‍රස්තවාදය ට යටවී ඇති බවත් දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න සුවිශේෂී කාර්යභාරයක් රණවිරුවන්ට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නැවතත් වරක් රටට මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය බවත් ඒ තුළින් හොරකම වංචාව තුරන් කර රටේ සම්පත් රටේ දියුණුවට යොදා ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කැගල්ලේ පැවැති රණවිරු සමුළුව අමතමිනි.
රටෙ බදු බර වැඩි කර අසාධාරණ යුගයක් නිර්මාණය කර ඇති බවත් මේ නිසා ලක්ෂ 220 ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇති බවත් ආර්ථික ත්රස්තවාදීන් රටේ අයිතිය සින්නක්කරවම තමන්ට ලියා ගෙන රාජය දේපල අවභාවිත කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.