දොඹගොඩ යුධහමුදා කදවුරේ සෙබලාගේ සිරුර අඩි 20ක් ගැඹුර පොකුණක
හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද (29) උදෑසන හමුව ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිව සිටී 7 වන යුධහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම් ටී ලක්ෂමන් නමැති 23 හැව්රිදි අයෙකු ගේ බව පොලිසිය කීය.
මියගොස් ඇති සෙබළා මුලතිව් හී පිහිටී 7 වන යුද්ධෝපකරණ බළකායට අයත් සෙබළෙකු වන අතර, උපදේශක රාජකාරි සිදුකර ඇති බවත් , පෙරේදා උදැසන ශාරීරික අභ්‍යාස පෙලපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව නොමැති බවත්, ඒ සම්බන්දයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත් යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
සෙබළාගේ මළසිරුර අද උදැසන කදවුරේ අඩි 20 කට ආසන්න ගැඹුරු පොකුණක තිබී හමුව ඇති බවත්, මළසිරුර හමුවන විට යට ඇදුම පමණක් ඇද සිට ඇති බවත් පොලිසිය කීය.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද ඊයේ උදැසන පරීක්ෂණ සිදුකල බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අගුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වති.
සුමිත් පොතුපිටිය/බිමල් ශ්‍යාමන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

