නැවතත් අලුත් වක්‍ර බදු අය කිරීමට හෝ පවතින වක්‍ර බදුවල ප්‍රතිශත ඉහළ දැමීමට සූදානමක් නොමැති බවත් 2025 දී ප්‍රගිතිශීලි පියවරක් ලෙස දේපල බද්දක් අය කිරීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
"ජනතාවට අමාරුයි. ආර්ථික අර්බුදයක් පහුකරගෙන උඩට යද්දී අමාරුම අවස්ථාව තමයි මේ යන්නේ. රාජ්‍ය ආදායම වැඩි කරන්න අපිට විවිධ ආකාරයෙන් බදු අය කරන්න සිද්ධ වුණා. එහි බර දැරුවේ ජනතාව. ඔවුන්ට අපි ප්‍රණාමය පුද කරන්න ඕන. ඔවුන් ඉතාම අමාරුවෙන් මේ බර දැරුවා.
මින් ඉදිරියට අපි අලුතෙන් වක්‍ර බදු අයකරන්න බලාපොරෝත්තු වෙන්නේ නෑ. ආයේ වක්‍ර බදුවල ප්‍රතිශත වැඩි කරන්න බලාපොරොත්තුවකුත් නෑ.
අපි උත්සාහ කරන්නේ සෘජ බදු පදනම පුළුල් කරගෙන රාජ්‍ය ආදායම වැඩි කරන්න. වක්‍ර බදු අඩුකරන දවස ඉක්මන් කරන්න අපි කටයුතු කරනවා.
වක්‍ර බදු නිසා බඩු මිල ඉහළ යනව කියන එකේ සත්‍යතාවක් නෑ. ඉල්ලුම වැඩි වුණාම, සැපයුම අඩුවුණාම බඩු මිලට බලපෑම් ඇතිවෙනවා.
අපි 2025 දී දේපල බද්දක් අය කරන්න කටයුතු කරනවා. ඒක ඉතාම ප්රගතිශීලී පියවරක්. ඉතාම ඉහළ දේපළක් තියෙන අයගෙන් නිශ්චිත බදු මුදලක් අයකරන්න බලාපොරොත්තු වෙනවා.
සාමාන්‍ය කෙනෙකුගේ දේපළවලට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් ඉහළ ධනවත් කෙනෙකුගෙන් දේපළ බද්දක් අයකරනවා. ඒකත් අය කරන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතකයක්. "