සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමකට ලක්වු ශ්‍රී ලංකා බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් 29 දින අලුයම බේරා ගත් බවත් යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් නරුපද්රිතව සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්රමසුරීය මහතා පැවසිය.
මෙලෙස බේරා ගෙන ඇත්තේ මාරවිල තල්විල ප්‍රදේශයෙ ව්යාපාරීකයකුට අයත් ලොරෝන්සෝ පුතා 4 යන බහු දින යාත්‍රාවයි.
අදාල යාත්‍රාව පසුගිය 12 දින සිය මංගල මුහුදු ගමන දික්ඕවිට වරායෙන් පිටත්ව ගොස් අරාබි මුහුදේ මසුන් මරමින් සිටියදී 27 දින සවස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගැනිමකට ලක්කර තිබුනී.
එසේ පැහැර ගත් බහුදින යාත්‍රාවේ ස්කිපර් ඇතුළු හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය මංඩලයක් රැකියාවේ නිරත ව තිබුනී.
මෙම යාත්‍රාව බේරා ගැනිම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබුනී.
ඒ අනුව මෙම බහුදින යාත්‍රාව ගමන් කරමින් තිබු ආසන්නම රට වන සීෂේල්ස් රාජ්‍ය වෙත සෘජු ලෙස සම්බන්ධ වෙමින් නාවික හමුදා මුලස්ථානය හා විදේශ කටයුතු අමාත්‍යංශය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන යමින් සිටි යාත්‍රාව බේරා ගැනිමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
එම විශේෂ මෙහෙයුම ගුවනින් හා මුහුදින් දියත් කර තිබු අතර ඒ සදහා සීෂේල්ස් නාවික යාත්‍රා හා හෙලිකොප්ටර් යානා දෙකක් යොදා ගැනිමට කටයුතු කර තිබු බව කියයි.
ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්රමසුරීය මහතා මෙසේ පවසන්නට වියත
“මේ යාත්‍රාව අරාබි මුහුදේ රැකියාව කරමින් 27 දින සිටියදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන යමින් ඇති බව ධීවර දේපාර්තුමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කලා
ඒ අනුව අපි කඩිනමින් බහරේන් වල තිබේන ඒකාබද්ධ සමුද්‍රිය බලකාය දැනුවත් කලා.එම ඒකාබද්ධ සමුද්‍රිය බලකායේ රටවල් 39 ක් ඉන්න කන්ඩායමත් සමගත් අපි සාකච්ජා කලා .
ඒ සමගම මෙම පැහැර ගැනිම සිදුවුවා යැයි කියන කලාපය ආසන්නයේ රටවල් සමගත් දිගින් දිගටම සාකච්ජා කලා ඒ සමගම මෙම මුහුදු මංකොල්ල කරුවන් මෙම යාත්‍රාව රැගෙන යන මුහුදු කලාපය පිළීබදව අපි සියලු දෙනා නිරන්තරයෙන් දැනුවත් කලා.
ඒ අනුව අපි සෝයා ගත්තා මෙම යාත්‍රාව සෝමාලියාව දෙසට සීෂේල්ස් රාජ්‍ය ආසන්නයෙන් රැගෙන යන බවට අපි දිගින් දිගටම සිෂේල්ස් රාජ්‍ය සමග සම්බන්ධ වුනා.
ඒ අනුව සිෂේල්ස් රාජ්‍ය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුනා.ඒ සදහා හෙලිකොප්ටර් යානා දෙකක් සමග ටොපෑස් යන නාවික යාත්‍රාව යොදවමින් විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර තිබුනා.
ඒ සමග සිෂේල්ස් ගුවන් හා නාවික ඒකාබද්ධ මෙහෙයුමේදි සැක කටයුතු නෞකාවක් දැඩි පරික්ෂාවට භාජනය කර තිබුනා.
ඒ සමග එහි අවි ගත් මුහුදු මංකොල්ල කරුවන් සිටින බවටද හදුනා ගැනිමේන් පසු විශේෂ මෙහෙයුමකින් පසු සෝමාලියානු මුහුදු මංකොල්ල කරුවන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා ධිවරයින් නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවුනා .
අපේ ධීවරයින් කිසිදු අනතුරක් සිදුව තිබුනේ නැහැ මේ වන විට ශ්‍රී ලාංකික ධිවරයින් හය දෙනා සමග යාත්‍රාව සිෂේල්ස් අගනුවර වන වික්ටොරියා දුපත වෙත රැගෙන යමින් තිබේනවා.
ඉදිරි කටයුතු ශ්‍රී ලංකා රජය හා අනිකුත් අංශ මැදිහත් වි ක්‍රියාත්මක කරන්න සුදානම්”