බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් ඊයේ(29) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසියෙන් කියයි.
ඊයේ උදෑසන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්රදේශයේ පදිංචිකරුවන් බවත්, අපරාධය සිදුකිරීමට යොදාගත් ගිනිඅවි දෙක අපරාධය සිදුකිරීමෙන් පසු මෙම එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් කරාපිටිය ප්රදේශයේ සිට බූස්ස ප්රදේශයට ප්රවාහනය කර ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරයි