ස්පීඩ් පෝස්ට් වැඩිම ආදායම නාගොල්ලාගම තැපැල් කාර්යාලයට
මුළු දිවයිනෙන්ම වැඩිම Speed Post අයිතම භාරගත් තැපැල් කාර්යාලය ලෙසත්, මුළු දිවයිනෙන්ම වැඩිම Speed Post ආදායම් රැස්කළ තැපැල් කාර්යාලය ලෙසත් 151වන ලෝක තැපැල්දින සැමරුමේදී සම්මානයට පාත්රවුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගොල්ලාගම තැපැල් කාර්යාලයට අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකල අංග සම්පූර්ණ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200 කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් රජය ගෙනයන කඩිනම් වැඩපිළිවෙලට සමගාමීව මෙම නව ඉදිකිරීම සිදුකර ඇත.
තැපැල් දෙපාර්තුමේන්තුව විසින් නාගොල්ලාගම තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 13.5 ක මුදලක් ද වෙන්කර කිරීමට පියවරගෙන තිබුණු අතර පසුගිය වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවට වෙන්කරන ලද ප්‍රතිපාදනවලින් ඉදිකිරීම් ආරම්භකර පළමුවෙන් ඉදිකිරීම් අවසන් කරන ලද තැපැල් කාර්යාල ද්විතවයෙන් දෙවැන්න මෙය වේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකා තැපෑල රුපියල් මිලියන 13450 ආදායමක් උත්පාදන කළ බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමහර ආපදාවන් නොවුනානම් මීට වඩා ආදායම් උත්පාදනය කරගැනීමට හැකියාව තිබුණු බවත් පැවසීය. එබැවින් දෙපාර්තුමේන්තුවේ ආදායම මෙම සීමාවේ රැදුනු බවත්, එසේවුව ද මෙම වර්ෂය තුළදී අපේක්ෂිත ආදායම් ඉලක්ක වලට යාමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.
තැපැල් සේවාවට අවශය කාර්ය මණ්ඩලය බදවා ගැනීමට පියවර ගනිමින් සිටින බවද පැවසූ අමාත්‍යවරයා තැපැල් දෙපාර්තුමේන්තුවට නව බදවා ගැනීම් සහ ස්ථීර කිරීම් නිසා 2800 ක කාර්ය මණ්ඩලයක් ඒම දෙපාර්තුමේන්තුවේ ස්ථාවර වන බවද පැවසීය.
මහජන සේවාවක් ලෙස තැපල් සේවාව පවත්වාගෙනයන අතරෙම ඊට සමගාමීව ව්‍යාපාරයක් ලෙසින්ද එය ක්‍රියාත්මකවන බව ද පැවසූ අමාත්‍යවරයා තැපැල් සේවාව ජනතාවගේ ජීවිතවලට ඉතා සමීප සේවාවක් බවද සදහන්කර සිටියේය.
වර්තමානය වනවිට සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්යකරණයවන මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ඊයේ දින එක් කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
එමෙන්ම නියමු ව්‍යාපෘතියකට අනුව තැපැල්කරු මහතූන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීම, මෙහෙයුම් පාලන ප්‍රතිචාර ඒකකය විවෘත කිරීම, තැපැල් කාර්යාලවල කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් ඩෙස්ක්ටොප් පරිඝණක, ලැප්ටොප් මෙන්ම ටැබ් යන්ත්‍ර බෙදාදීමට ද කටයුතු කළ බව වැඩිදරටත් සදහන් කර සිටියේය.

2025 වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක් සහ පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කරන ලද අතර, ඒ් යටතේ නව ඉදිකිරීම් සදහා වෙන් කළ රුපියල් මිලියන 600 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම නව තැපැල් කාර්යාලය ඉදිකිරීමට පියවර ගෙන ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඇති තැපැල් කාර්යාල 43 ක් සහ උප තැපැල් කාර්යාල 301 ක් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන තැපැල් සේවක කාර්ය මණ්ඩලය 1727 කි.
නාගොල්ලාගම තැපැල් කාර්යාලය 1991 වසරේ සිට කුලී පදනම මත විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලැබ ඇත.
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම සාක්ෂාත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත සැළසුම් සහගතව කටයුතු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

