saravita-anim2

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 309 hours ago

LATEST

අයිඑම්එෆ් සිව්වැනි සමාලෝචනය අවසන් පස්වැනි වාරිකය නිදහස් කරයි

calendar_today 2025 ජුලි 02 - 21:59 remove_red_eye - 257  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වැනි සමාලෝචනය අවසන් කර ඇති බවත් පස්වැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු අදාළ තනතුර දරණ කාලයේදී තවත් ආයතනයකින් වැටුප් ලබාගෙන තිබෙන බවත්, ඒ පිළිබඳව අද(02දා)අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පසුගිය වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට මේ වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවැනි වටයේ අභියාචනා භාර ගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

2024 වර්ෂයේ ජනවාරි මස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා නව නීති පනවමින් නිකුත් කළ ගැසට් නිවේදන 4 ක් ක්‍රියාත්මක කිරීම සිව්වැනි වරටත් කල්දමා තිබේ.

Read More

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුකරණ බවත් . යාත්‍රා රාජසන්තක කරණ බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය සදහන් කරයි

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස් කිරීමට නායක චරිත් අසලංක සමත්විය.

Read More

බහුතර ජනතා වරමකින් පත් පත් වුනු ආණ්ඩුව පෙරලා දැමීමට ඇතැම් දේශපාලන බලවේග මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වුනත් ආණ්ඩුව පෙරලා දැමීමට ඔවුන්ට නොහැකි බව පරිසර අමාත්‍යයය ධම්මික පටබැදි මහතා පවසයි.

Read More

හෙට දින (03) පැවැත්වීමට නියමිත කුරුණෑගල කතරගම දේවාලයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුණෑගල කතරගම දේවාලයේ හිටපු භාරකරුවන් පිරිසක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කළාය.‎

Read More

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීම හෝ අඩු කිරීම පිළිබඳ තීරණය ගනු ලබනුයේ අවසන් මාසයේ ලෝක වෙළඳපොලේ පැවති ඉන්ධන මිල අනුව බවත්, ඒ අනුව පසුගිය ජූනි මාසයේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය බැවින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවත් කැබින්ට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(02දා) පැවැත්වේ.

Read More

’Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ඊලොන් මස්ක් සිය ’’X’’ ගිණුමෙහි සටහනත් තබමින් සඳහන් කර තිබේ.

Read More

ඉදිරි මාස පහ තුලදී 5G පහසුකම රටපුරාම ව්‍යාප්ත කිරිමට සැලසුම්කර ඇති බවත්, රට ඩිජිටල්කරනයෙන් පසු වැඩියෙන් වැරදි කළොත් රියදුරු බලපත්‍්‍්‍රය ඉබේ අහෝසිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේය.

Read More

2010-2025 කාලසීමාව තුළ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්​තොටුපොළ සහ ගුවන් සේවා(ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව කන්ඩලම වැවට සිරිය ගෙනෙන තවත් වන අලියෙකුගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති අයුරු මේ දිනවල කන්ඩලම වැව ඉස්මත්තේ දී දැකගැනීමට හැකි වී තිබේ.

Read More

2026 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව අද (02දා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දීමට කටයුතු කෙරිණි.

Read More

එදින උදෑසන පැරණි සිරිත් අනුව බස්නායක නිලමේ වලව්වේ පැවති දානමය පිංකමෙන් පසු පෙරහරේ පස් වෙන දිනයෙන් පසු පෙරහැරේ අලි ඇතුන් විසින් රැගෙන ආ ප්‍රථම මාදම් කොළ අතු මිටිය වාසනා හස්ති රාජයා වෙත ලබාදීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා අතින් සිදුකෙරිණි.

Read More

සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත්, බුද්ධම, නාපේ ප්‍රදේශයේ පිහිටි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්,කෙසෙල්කුඹුර රජයේ රක්ෂිත වනාන්තරයේ අක්කර 40ක පමණ කැලෑවක් හෙළිකර, කිසියම් සංවිධාත්මක පිරිසක්, එම ඉඩම් අල්ලාගැනීමට උත්සහකර ඇතැයි ජාතික ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අජිත් අගලකඩ මහතා පවසයි.

Read More

රුපියල් කෝටි දෙකක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 07/01 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩිවූයේ පසුගිය කාලයේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගතේ සභාපති ජනක රාජකරුණා පැවැසීය.

Read More

නාඩු හා සම්බා වී කිලෝවක නිෂ්පාදන වියදම් මේවර ඉහළ ගොස් තිබෙන නිසා රජයේ සහතික වී මිල රුපියල් දහයකින් ඉහළ දැමිය යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

ග්‍රී ලංකා ධීවර වරාය නීති ගත සංස්ථාවට රුපියක් කෝටි 198 වියදම් කර ආකරය 2022 වර්ෂය සහ 2023 යන වර්ෂ දෙකට අදාලව ලිඛීත සාක්ෂි මේ දක්වා ලැබී නොමැති බව ජාතික විගණන වාර්ථාවකින් ( 06/29 ) දින නිකුත් කරන ලද නවතම විගණන වාර්ථාවකින් අනාවරණය වේ.

Read More

ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ ගියත් ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකරෙ මහතා සඳහන් කළේය.

Read More

2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබේ. 2024 වසරේ මැයි මාසයේසී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 544ක් වූ අතර මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 641ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා යළි සක්‍රීය කිරීම සඳහා වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.

Read More

මහනුවර ඇහැළේපොළ වලව්වේදී තවත් නොබෝ දිනෙකින් විවෘත වීමට නියමිතමෙරට ප්‍රථම සහ එකමඉටි රූප කෞතුකාගාරයේ විවෘත කිරීමේ උළෙලට සමගාමීවසර්ව රාත්‍රිකපිරිත් දේශනයක් සහදානමය පුණ්‍යකර්මයක්ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Read More

බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම බස් ගාස්තු අඩුවීම ජුලි මස 04 දා සිට ක්‍රියාත්මක වෙයි.

Read More

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.