ලංකාවෙන් වසරකට අලුත් තැලිසීමියා රෝගී දරුවන් 60ක්
මෙරට තැලසීමියා රෝගීන් 2500 ක් පමණ සිටින බවත්, ඊට වසරකට දරුවන් 45 ත් 60 ත් අතර අළුතින් එක් වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පැවසීය.
මෙරට තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථාන 15 ක් වන බවද සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (Full Blood count) තුළින් තැලසීමියා වාහක තත්ත්වය පරික්ෂා කර ගත හැකි බව ද පැවැසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ රක්තව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධිර මහත්මිය පැවසුවේ ඇට මිඳුළු බද්ධ කිරීම මඟින් තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කර සුවපත් කිරීමේ ක්‍රමවේදය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක වන බවයි. එහෙත් වඩාත් වැදගත් වන්නේ තැලසීමියාව වළක්වා ගැනීම ගැනීම බව ද ඇය අවධාරණය කළාය. එහි දී, විවාහයට පෙර යෞවන යෞවනියන් තැලසීමියාව වළක්වා ගැනීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.
රාගම තැලසීමියා ප්‍රතිකාර ඒ්කකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී සෞම්‍යා වර්ණකුලසුරිය මහත්මිය ප්‍රකාශ කළේ දිවයින පුරා, තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර සේවා ලබාදීමට තම මධ්‍යස්ථානය සුදානම් බවයි. ඒ් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
