saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3240 hours ago

LATEST

එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් බිලි ගන්න යයි

calendar_today 2024 පෙබ 14 - 14:29 remove_red_eye - 984  

ග්‍රේගරි වැවට මුදා හැරි මත්ස්‍ය පැටවුන් ස්භාවික අභිජනනයක් සිදු කරන බවත්, එසේ මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස හයක් වැනි කාලයක් තුල කිලෝ 1- 1 ½ අතර වැඩෙන බවත් , මත්ස්‍ය පැටවුන් ග්‍රේගරි වැවිට මුදා හැරිමෙන් ග්‍රේගරි වැවෙහි ජලජ ජිවි ශාක මර්ධනයට මෙම මත්ස්‍යයින් දායක වන බවයි බුද්ධික කුෂාන් මහතා වැඩිදුරටත් කියා

පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්, ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සදුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මෙම වර්ෂයේ මැයි - ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බවත්, මේ වර්ෂයට අයත් උසස් පෙළ විභාගය ද 2025 වසරට පෙර පවත්වා සියලු‍ විභාග යථාවත් කරන බවත්, ඒ අනුව 2025 නව පාසල් ව

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවත් එය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ඖෂධ නියාමනය, සෑපයීම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීති‍ගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ‍සමග විශේෂ සාකච්ඡාවක් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශය් දී පැවත්විනි.

Read More

වගාහානිය වළක්වා ගැනීමට සතුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස්කළ යුතු බවත් රිලවුන්ගෙන්, වඳුරන්ගෙන් සහ මොණරුන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවන වගාහානිය දරුණු වෙමින් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීවේය.

Read More

මෙරට එක් දිනක් තුළ වාර්තා වු ඉහළම අලි මරණ සංඛ්‍යාව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 27 දින හා ඊට ආසන්න පැය 36 කදී වාර්තා වී ඇති අතර, එම කාලය තුළදී දුම්රියේ ගැටීමෙන් හා වෙඩි තැබීම්වලින් වන අලීන් 11 කු මියගොස් තිබිණි.

Read More

පිදුරුතලාගල කඳුවැටිය සංචාරකයන්ට නැරඹීම සඳහා කඩිනමින් යළි විවෘත කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.

Read More

තිරීරෝද රථයකින් කසිප්පු බෝතල් 30 ක් පුවාහනය කිරීම සම්බන්ධව වරද පිළිගත් අයෙකුට රුපියල් හැටඅට දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කරනු ලැබුවාය.

Read More

මෝදර, මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට ඊයේ (13දා) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.

Read More

රුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි

Read More

වී අළෙවි මණ්ඩලය රුපියල් එකසිය විසිහතර කෝටි අසූහත් ලක්ෂ තිස්නවදහස් හැත්තෑ නවයක (1,248,739,079) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් වී අළෙවි මණ්ඩලය සම්බන්ධයෙන් 2024.02.11 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

පොල් පර්යේෂණ මණ්ඩලයේ බැඳුම්කර ගිවිසුම කඩ කළ නිලධාරීන් 09දෙනෙකුගෙන් රුපියල් පන්කෝටි දෙලක්ෂ තිස්නවදහස් හත්සියයක (50,239,770)මුදලක්අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2024-02-10 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී නව හැව්රිදි දැරියක මඩ වගුරක ගිල්වා ඝාතනය කල විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු පානදුර මහාධිකරණ විනිසුරු විසින් චූදිතටවසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් අද (13) නියම කලේය.

Read More

ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් ගොවිපොළේ සිටි කිලෝ පනහකට ආසන්න බරකින් යුත් ඌරෙකු සොරකම් කොට මරා මස් කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Read More

අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලිය ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබූ අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය දින නියමයක් නොමැතිව කල්තැබීමට ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කලහ.

Read More

පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ සෞඛ්‍ය ‌ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් විසඳුම් ලබා දීමට යෝජනාවක් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළත් වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති එම යෝජනා සඳහා එකඟ නොවුන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්‍රියන්ත රත්නවීර මහතාට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසට ගොස් එම ඔහුට අවසන් ගෞරවය දැක්වීය.

Read More

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය පෞද්ගලික ගුවන් යානයකින් අනුරාධපුර බන්ධනාගාර ක්‍රිඩාංගණය වෙත පැමිණ නිසි අවසරයකින් තොරව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී රහසිගතව සිරකරුවන් සමග සාකච්ඡා කළ බවට එල්ල වු චෝදනා පිළිබදව සොයා බලා වාර්තා කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු, සිසිර

Read More

රාජ්‍ය නොවන සංවිධාන හරහා කරලියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු පිටකොටුව බැස්ටියන් මාවතේදී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔහුට මත්කුඩු සැපයූ ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන ලොකට් ලේන් ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම කලබලය වි ඇතැයි පොලිසිය සඳහන් කරයි

Read More

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියත් එයට සාර්ථකව මුහුණ දී අති විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා අප පක්ෂය ගෙනි යන්නේ යැයිද ජනාධිපතිවරණයට දින නියම වූ විට අපේක්ෂකයා තීරණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

Read More

ජනපතිවරණය මෙ වසරේදී නියමිත කාලයේදි පවත්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමි් පවසයි. කෙසේ වෙතත් මහ මැතිවරණය පවත්වන්නේ 2025 වසරේදී බවත් එම මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 වසරට අදාළ අයවැයේදී වෙන් කරනු ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ නතරකර තිබූ මෝටර් රථයක් අද (13දා) මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

Read More

2024 පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 60,122 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වල දැක්වෙයි.

Read More

හෙද පරිපූරක , අතුරු වෙද්‍ය සේවා හා ‌සෞඛ්‍යය කාර්්‍ය මණ්ඩල ඒකාබද්ද වෘතීය සමති 72ක් අද (13) උදෑසන සිට ‌සිය සේවාවලින් ඉවත්වී ඉල්ලීම් ලැබෙනතෙක් අඛණඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන්ර සැලසුම් කල පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ගම්පහ දිස්ත්‍රික් රෝහල් නිරීක්ෂණ චාරිකාව අවලංගු කොට තිබේ.

Read More

පෞද්ගලික හා රාජ්‍ය බැංකු අසල ගැවසෙමින් ඒ ටි එම් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට සහාය පලකරන කල්ලියක් ඉතා ශුක්ෂමව අන්සතු ගිණුම් වලින් මුදල් පැහැර ගන්නා බව ගණුදෙනු කරුවෝ කියා සිටිති.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාර ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් නිෂ්ප්‍රභ කළ බව සදහන් කළ ඒ මහතා නීතියට පටහැණි එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කර ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් දෙන්නැයි ඉල

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.