saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 315 hours ago

LATEST

ඉන්ධන මිල සංශෝධනය වෙයි

calendar_today 2025 ඔක් 31 - 21:54 remove_red_eye - 702  

ඉන්ධන මිල සූූූූත්‍රය අනුව සෑම මසකම අවසානයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

හෙක්ටයාරයකින් ලබාගන්නා ලද වී අස්වනු ප්‍රමානය ඉකුත් වර්ෂයේ දි (2024) වී කිලෝග්‍රැම් 4151 දක්වා සියයට 6.9කින් වැඩිවි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

මීට අමතරව අනතුරට පත්ව සුන්බුන් ගොඩක් බවට පත්වූ මෙම මාරක විනෝද චාරිකා පෞද්ගලික බස් රථයේ චැසි අංකය කොට වෙනස් කර ඇති බවට සැකයක් මතු වී ඇති හෙයින් රජයේ රස පරීක්ෂකවරයා ලවා අනතුරට පත් එම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය පරීක්ෂා කරවා අධිකරනයට රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා නියෝග කරනු ලැබූහ .

Read More

පවත්නා නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ඉකුත් වසර 20 කාලය තුලදි (2005-2024) ජනාධිපති අරමුදල මගින් හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරු 56 දෙනෙකු වෙත රුපියල් දහතුන්කෝටි, දහතුන්ලක්ෂ,හැත්තෑඑක්දහස් එකසියදහයක (131,371,110) මුදලක් වෛද්‍යධාර වශයෙන් ලබා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති (නීතීඥ) ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Read More

කාර්යාංශ පනත අනුව එවැනි දැන්වීම් නීතිවිරෝධියි... සිංගප්පූරුවේ රැකියා පෙන්වා ලක්ෂ 76ක් වංචාකල සැකකරු අත්අඩංගුවට...

Read More

කලවාන, ගොනගලකන්ද ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

Read More
නෙවිල්ට ඇප
31 10 2025 14:21:00
0 203

රුපියල් මිලියන 28 කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුළ ලොකු ළුණු මෙට්‍රික්ටොන් දෙලක්ෂ දාහත්දහස්, අටසිය අසුතුනක් (217,883) ආනයනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

බූස්ස අධි ආරක්ෂීත බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ’ රැවුල් කුමාර ’ නමැති අනුවර්ත නාමයකින් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය අනුරාධපුරය හා ඒ අවට බෙදා හරින ගෝලයෙකු රුපියල් ලක්ෂ 20කට වැඩි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (30දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් මංගල ගුවන් ගමනෙහි නිරත වෙමින් 10/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය අගෝස්තු මස 31වන දින ධීවරයින් 6 දෙනෙකු සමග කේෂන් පුතා නමැති බහුදින ධීවර යාත්‍රාවක් මගින් ධීවර කටයුතු සඳහා පිටත්වගොස් මීට දින 15කට පමණ ඉහත දී මුහුදේ අනතුරකට ලක්ව දිවි බේරාගනු ලැබූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාවෙන් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායට රැගෙන එන ලදී.

Read More

කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් කොල්ලකෑමකට සම්බන්ධ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒසේම සැකකාර සුරාබදු නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 දා ‌ තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

Read More

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ වැඩ ඔක්තෝබර් (30) වෙනිදා අධිකරණ කොමිෂන් සභාව මඟින් තහනම් කර ඇත.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති අතර දකුණු කොරියාවේ පැවැති සාකච්ඡා සාර්ථක වි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති අතර හමුවක් සිදුව ඇත්තේ වසර හයකට පසුව වන අතර මෙම හමුව හරහා ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් අඩු කිරීම සඳහා බලාපොරොත්තු ඇති කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .

Read More

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙකු ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (30) නියෝග කළේය.

Read More

වර්තමානය වන විට ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දැඩි අන්දමින් පිරිහීමට ලක්ව ඇති බව සහ එයට හේතුව ජාතික ආරක්‍ෂාව පිළිබඳවගකිවයුතු මැති ඇමතිවරුන් සහ බලධාරීන් කිසිදු පල පුරුද්දකින් තොර වූ අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයට අදාළව LTL සමාගම කෝප් කමිටුවට කැඳවයි LTL ආයතනයේ විදුලිබල මණ්ඩලය සතු කොටස් 70% සිට 35% දක්වා අඩුවෙලා රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට දැනුම් දෙයි 2015 වසරේ සිට රජයේ විගණනය සිදුකිරීමට උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට කටයුතු කර ඇති බවත් කමිටුව පෙන්වා දෙයි නිශ්චිත පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම පිළිබඳවත් කමිටුවේ අප්‍රසාදය

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (ඔක්තෝම්බර් 30) එම තනතුරේ රාජකාරි ආරම්භ කරන්නට යෙදුණි.

Read More

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා සේවා ආදී වශයෙන් වූ අතුරු ප්‍රවාහන සේවා ජාතික වශයෙන් වැදගත් තලයකට ගෙන ඒමේ අරමුණෙන් විශේෂ නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.

Read More

කෝල්ලකෑමක් සම්බන්ධව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට රැගෙනව්ත් කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සිය සරමෙන් ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

Read More

මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

පොල් පරිභොජන ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරමේ පොල් පළදාවක් නොමැතිවීම තුළින් වෙළඳපලට ප්‍රමාණවත් තරම් තොග නොලැබීමෙන් මෙම තත්වය නැවතත් ඇතිවෙමින් පවතින බව වෙලඳසල් හිමියෝ පවසති.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (30) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ගැටළු පවතින ප්‍රදේශයන්හි ජනජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමත් වන අලින්ගේ ජිවිත ආරක්ෂා කාර ගැනීමත් පදනම් කරගනිමින් නොවැම්බර් මස 02 දින සිට ආරම්භ කිරීමට නියමිත විශේෂ වන අලි මෙහෙයුම සම්බන්ධයෙන් ස්ථාන හඳුනාගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව හා වනජීවී නිලධාරීන් සමඟ විශේෂ සාකච්චාවක් අද (30) දින සූරියවැව අන්දරවැව ධර්මදුත ආශ්‍රමදී සිදු කෙරුනුනා.

Read More

මත්ද්‍රව්‍ය ජවාරාම සමග හැප්පෙන්න රජය තීරණය කර තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

Read More

මෙම වසරේ ගතවූ මාස 10 තුළදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.