රැවුල් කුමාරගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමග අල්ලයි
බූස්ස අධි ආරක්ෂීත බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ' රැවුල් කුමාර ' නමැති අනුවර්ත නාමයකින් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය අනුරාධපුරය හා ඒ අවට බෙදා හරින ගෝලයෙකු රුපියල් ලක්ෂ 20කට වැඩි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (30දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පණ්ඩුලගම කොරකහවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන විෂ මත් ව්‍යසනය තුරන් කරන රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව ඊයේ (30දා) දින ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ මෙහෙයුමකට අනුව මෙම වැටලීම සිදුකර මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයා සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔහු සන්තකයේ තිබී රුපියල් 20000ක මුදලක් හා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යෑමට භාවිතා කළ ජංගම දුරකථනයක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරන්නෙකු බවටද පොලිසිය විසින් හඳුනා ගෙන තිබේ.
එම සැකකරු අද (31දා)අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් විසින් සිදු කරති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

