ඇල්ලේ අනතුරට පත්වූ බස් රථයේ චැසි අංකය වෙනස් කරලා
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලී ගිය මාරක විනෝද චාරිකා පෞද්ගලික බස් රථ අනතුරින් මියගිය හත්දෙනෙකු ගේ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තා තවමත් අධිකරනයට ඉදිරිපත් නොකිරීම නිසාවෙන් එම පශ්චාත් මරණ පරීක්ෂන වාර්තා කඩිනමින් අධිකරනයට ඉදිරිපත් කරන ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා දියතලාව මූලික රෝහලේ අධිකරන වෛද්‍ය නිළධාරිවරයාට නොතිසී නිකුත් කළහ .
මීට අමතරව අනතුරට පත්ව සුන්බුන් ගොඩක් බවට පත්වූ මෙම මාරක විනෝද චාරිකා පෞද්ගලික බස් රථයේ චැසි අංකය කොට වෙනස් කර ඇති බවට සැකයක් මතු වී ඇති හෙයින් රජයේ රස පරීක්ෂකවරයා ලවා අනතුරට පත් එම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය පරීක්ෂා කරවා අධිකරනයට රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා නියෝග කරනු ලැබූහ .
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් සැප්තැම්බර් මස 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී එම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය අඩි දහසක පමන රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරලීයාමෙන් මෙම මාරක බස් රථ අනතුර සිදු විය .
අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා , සේවකයන් පිරිසක් , බස් රථ රියැදුරු ඇතුලු 16 දෙනෙක් මියගියහ .17 දෙනෙකු තුවාල ලැබූහ .
මෙම නඩුව යලි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරනයේ දී කැදවූ අවස්ථාවේ අනතුරින් මියගිය අයගේ පවුල් වල නෑදෑ හිතවතුන් 32දෙනෙකු සාක්කි දීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරනය හමුවේ පෙනී සිටි අතර, ඉන් නවදෙනෙකු ගේ සාක්ෂි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා ඉදිරියේදී සටහන් කර ගත්හ.
මෙම මාරක විනෝද චාරිකා පෞද්ගලික බස් රථ අනතුරින් බදුල්ල ශික්ශන රෝහලේ දී මියගිය නවදෙනෙකු ගේ පශ්චාත් මරණ පරීක්ෂන පවත්වා අදාළ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තා අධිකරනයට ඉදිරිපත් කරතිබින.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

