රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2015 වසරේ දී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රු 99,679,799.70ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයන්ට සලසා දීමේ චෝදනාවට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.