අන්දමන් මුහුදේදී පසුගිය සතියේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ ජාතිකයින් 250 ක් පමණ අතුරුදහන් වී ඇති අතර, ඒ අතර ළමුන් ද වන බව එක්සත් ජාතීන්ගේ සරණාගත සහ සංක්‍රමණික ඒජන්සිය පවසයි.
බංග්ලාදේශයෙන් පිටත්ව ගොස් මැලේසියාව බලා යාත්‍රා කර ඇති මෙම ට්‍රෝලර් යාත්‍රාව දැඩි සුළං, රළු මුහුද සහ අධික තදබදය හේතුවෙන් ගිලී ගොස් තිබේ.
බෝට්ටුව පෙරළුණේ කවදාද යන්න පැහැදිලි නොමැති නමුත් අප්‍රේල් 9 වන දින, බංග්ලාදේශ ධජය සහිත යාත්‍රාවකින් කැඩි ගිය සුන් බුන් අල්ලාගෙන සිය ජිවිතය බේරා ගෙන සිටි නව දෙනෙකු බේරා ගත් බව වෙරළාරක්ෂක බලකාය පැවසීය.