යුරේනියම් බල ගැන්වීම වසර පහක් දක්වා අත්හිටුවීමට ඉරානය යෝජනා කර තිබේ. කෙසේ වෙතත් එක්සත් ජනපදය විසින් වසර 20 ක් මෙය අත්හිටුවිමට කටයුතු කරන ලෙස යෝජනා කර ඇතත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබේ.
පකිස්ථානයේ පැවති සාකච්ඡා අතරතුර ටෙහෙරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හිටුවීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය යෝජනා හුවමාරු කර ගත් නමුත් අවසන් එකඟතාවයකට එහිදි පැමිණිමට නොහැකි විය.
ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ගැටුමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වී ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා නැවත අවධාරණය කළේ එක්සත් ජනපදය ඉරානයට න්‍යෂ්ටික අවියක් නොමැති බව සහතික කරන බවයි.
