ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් හා ඉරානයට අයත් තවත් යුද නෞකාවක සිටි ඉරාන නාවික හමුදාවට අයත් සාමාජිකයන් 238 දෙනෙකු ඉරාන විශේෂ ගුවන් යානයකින් 04/14 දින රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයේ ( Meraj Air Line ) IRAN - 09 දරන මෙම විශේෂ ගුවන් යානය 04/14 දින පස්වරු 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අසළ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි .
පසුව මෙම ගුවන් යානය වෙත වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 206 දෙනෙකු සහ කොග්ගල රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 38 දෙනෙකු , යොමු කර තිබේ .
ඉන්පසුව මෙම ඉරාන ජාතිකයන් පිරිස රැගත් විශේෂ ගුවන් යානය 04/14 දින රාත්‍රී 08.35 කටුනායක ගුවන් හමුදා කදවුරෙන් ඉරානයේ අප්රකාශිත ගුවන් තොටුපොළක් වෙත ගමන් අරඹා තිබුණි .