විදුලි ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතික තීරණයක් ගෙන තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනු ලබන්නේ විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීරණවලදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවූ අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බව ද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එමෙන්ම ඉදිරි විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.
Next article: අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවල ‘QR’ ක්‍රමය ඉවතටNext