පැය 21ක සාකච්ඡාවකින් පසුවත් ඉරානය හා ඇමෙරිකාව අතර එකඟත්වයක් නෑ
යුද්ධය අවසන් කිරිම වෙනුවෙන් ඉරානය හා ඇමෙරිකාව අතර පැවැති සාකච්ඡා පැය 21ක් තිස්සේ පැවැතියද දෙපාර්ශ්වයටඑකඟතාවයට පැමිණීමට නොහැකි වූ බව ඇමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් පැවැසීය. මෙම සාකච්ඡා වෙනුවෙන් ඇමෙරිකාව වෙනවෙන් නායකත්වය ගන්නේ වෑන්ස්ය. සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්විය.
වෑන්ස් පවසන්නේ එක්සත් ජනපදය තම "රතු රේඛා" පැහැදිලි කර ඇති නමුත් ඉරානය " කොන්දේසිවලට එකඟ වී නැත" යනුවෙනි. "ඉරාන ජාතිකයන් අපගේ කොන්දේසි පිළිගන්නා තත්වයකට අපට පැමිණිය නොහැකි විය," ඔහු තවදුරටත් පවසයි.
"අපි දැන් පැය 21ක් තිස්සේ ඒ වැඩේ කරගෙන යනවා. නරක ආරංචිය තමයි අපි එකඟතාවකට ඇවිත් නැති එක" යැයි ඔහු පැවැසිය. එක්සත් ජනපදය සාකච්ඡාවලට නම්‍යශීලී සහ "හොඳ විශ්වාසයකින්" පැමිණි බව වැන්ස් පැවැසීය.
නමුත් දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ඔහු පැවැසිය.
"අපි මෙතැනින් පිටත් වන්නේ ඉතා සරල යෝජනාවක් සමඟින්, මෙය අපගේ අවසාන සහ හොඳම දීමනාව බව තේරුම් ගැනීමේ ක්‍රමයක් සමඟිනි. ඉරාන වැසියන් එය පිළිගන්නේ දැයි අපි බලමු." යැයිද වෑන්ස් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
