saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 263 hours ago

LATEST

කතරගම බස්නායක නිලමේ තවත් වසරකට පත්කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

calendar_today 2025 අගෝ 14 - 09:20 remove_red_eye - 604  

කතරගම බස්නායක නිලමේවරයාගේ ධුර කාලය ලබන මස 25 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන බැවින් නැවත පත් කර ගැනීමක් නොකළ හොත් ඉන් අනතුරුව පවත්වන නිලවරණයකට ඔහු සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු නැවත වසර පහකට පත් කර දෙන මෙන් ඉල්ලා සන්දේශයක් අත්සන්කර ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව සංවිධාන කිහිපයක නි

මෝටර් රථ ආනයන නීති ලිහිල් කිරීමෙන් පසු 2025 පළමු භාගයේ දී ශ්‍රී ලංකාව වාහන ආනයන තීරු බදු ලෙස රුපියල් බිලියන එකසිය විසි නවයක් රැස්කර ඇති අතර පසුගිය (2024) වසරේ එම අගය රුපියල් බිලියන 29.6 ක් බව මුදල් අමාත්‍යාංශය මගින් (12/8) නිකුත් කරන ලද මහ බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි.

Read More

වාහන ආනයනයෙන් වර්තමානය වන විට 72%ක ඉලක්කයක් සපුරාගෙන අවසන් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැවේ ප්‍රතිකාර ලබමින් සිටි ’කණ්ඩලමේ හැඩකාරයා’ ලෙසින් ප්‍රසිද්ධව සිටි වන අලියා ඊයේ (13) පස්වරුවේ මියගොස් තිබේ.

Read More

හංවැල්ල, තුන්තාන ප්‍ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවට හංවැල්ල පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ශාසන සම්ප්‍රදායයන්ට පටහැනිව විනය විරෝධී ලෙස කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමට හැකිවන ආකාරයට විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය හැකි ඉක්මනින් සිදු කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය.

Read More

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණි.

Read More

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු නොලබන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.

Read More

වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ අයිස් මත්ද්‍රව්‍ය හා මත් පෙති ,මත් කරල් තොගයක් ද සමග රෝහල තුළදීම ඊයේ (12දා) රාත්‍රියෙහි අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලීසිය පවසයි.

Read More

මෙවර යල කන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ පළමු වී තොගය රජය මගින් මිලට ගැනීමේ කටයුතු 13 වෙනිදා සවස වී අලෙවි මණ්ඩලයේ මනම්පිටියේ පිහිටි වී ගබඩාවේදී සිදු විය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත.

Read More

සයිබර් වංචා සිදු කිරීම සදහා මෙරටට ඇතුළු වීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු 08/13 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

රාත්‍රී කාලයේ අක්‍රියව පවතින මහනුවර නගරය සක්‍රිය කොට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි ආකාරයේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් මේ මස 16 සහ 17 ජන දෙදින සංවිධානය කොට තිබේ.

Read More

ඉන්දියාවේ චෙන්නායි සිට මගී නෞකාවක් අද (13) හම්බන්තොට වරායට පැමිණ ඇත.

Read More

මෙවර කන්නයේ බී ලූණු වගාව සාර්ථකව ඇති බැවින්, එම අස්වැන්න වෙළඳපලට පැමිණෙන අවස්ථාවේ බී ලූණු ආනයනය සීමා කර බද්දක් පනවා, ගොවියාට හා පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන මිලක් නියම කරන ලෙස බී ලූණු වගා කිරීමේ ගොවීන්ගේ සංගමය පවසයි.

Read More

2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 7ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින් ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එය 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.

Read More

විපක්ෂය සඳහන් කරන ආකාරයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් නොමැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත විරසූරිය මහතා විසින් 071/8598888 යන වට්ස් ඇප් අංකය අද (13දා) සිට හඳුන්වාදී තිබේ.

Read More

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14දා) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

බන්ධනාගාර රෝහල් කේන්ද්‍ර කරගත් විශේෂ සෞඛ්‍ය සායන වැඩසටහන වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කෙරේ. · බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කරමින් මානව හා භෞතික සම්පත් සංවර්ධනයට පියවර. · මෙරට බන්ධනාගාර ගත වන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක්... · බන්ධනාගාර තුළ බෝනොවන රෝග ඉහළයාමට මානසික පීඩාකාරී තත්ත්වයක් ද හේතුවක්... - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස -

Read More

මධ්‍යම වනජීවී කලාපයට අයත් පල්ලෙකැලේ ආයෝජන කලාපය තුළ කම්බි මදුවකට හසුව සිටි කඳුකර කොටියෙකු ඉන් බේරා ගෙන නිරුපද්‍රිතව යළි ආරක්ෂිත ප්‍රදේශයකට මුදවා හැරීමට රන්දෙණිගල වන සත්ත්ව කළමනාකරණ ඒකකයේ සහ දාගවිල්ල බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

Read More

රත්නපුර පොලිස්ථානයෙන් පසුගිය 30 දින උදැසන පලාගිය වරෙන්තුකරු රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ සැගව සිටියදි පසුගිය 11දා සවස අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසිය.

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුදත් බලගල්ල මහතා පසුගිය දිනක ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන නිලධාරීන් පිළිබදව දක්වනු ලැබූ අදහස් දැඩි පිලිකුළෙන් යුක්තව හෙලා දකින බව සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියයි.

Read More

ඌරහස්මංහන්දිය කැරෑකැටිය ප්‍රදේශයේ වෙල් යායක අභිරහස් අයුරින් මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (12)දහවල් සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

දකුණු කොරියාවේ සිරගත කර සිටින හිටපු ජනාධිපති යූන් සුක් යෙල්ගේ බිරිඳ, කොටස් හැසිරවීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අනාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

හෝමාගම ප්‍රා දේශීය සභාවේ හිටපු මන්ත්‍ර‍ිවරයෙක් වෙඩි තබා ඝාතනය කිර‍ීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පැමිණි මෝටර් රථය හා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයට සූදානම් – වියට්නාමයේ රොක්ස් සමූහය

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට(13දා) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.