හොර හරක් ලොරියට පොලිසිය වෙඩි තබයි
නාල්ල පොලිස් අසමට අයත් තලහේන වත්ත ප්රදේශයේදී අද 25 අලුයම සොරකම් කරන ලද ගවයන් 05 ක් ප්රවාහනය කළ ලොරි රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමේදී ලොරි රථයේ රියදුරු තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව නාල්ල පොලිසිය කියයි.
රාත්රී ත්රීරෝද රථ මුර සංචාරයේ යෙදුන පොලිස් නිලධාරීන් පිරිසක් මෙම ලොරි රථය තල හේනවත්ත මාර්ගයේ නතර කර තිබෙනු දැක ත්රීරෝද රථයෙන් බැස පරීක්ෂා කිරීම සඳහා යන අවස්ථාවේ ලොරි රථයේ පිටුපස සිටි අයෙක් පොලිසිය වෙත පිහියකින් දමා ගසා පලා යන අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය දෙසට වෙඩි තබා ඇති බවද සඳහන්වේ.
ලොරි රථයේ සිටි පුද්ගලයන් සිව් දෙනෙකු එම අවස්ථාවේදී පලා ගොස් ඇති බවත් රියදුරු අසුනේ සිටි පුද්ගලයාගේ උරහිස ප්රදේශයට තුවාල සිදුවී තිබීම නිසා ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහු කඳාන ප්රදේශයේ පදිංචි කරුවකු බවද පැවසේ.
ගිරිඋල්ලගම ග්රාමසේවා වසමේ අක්කර දහසකින් (1000) යුත් මහවත්ත වතුයායේ කිරි ගොවීන් 25 කට ආසන්න පිරිසකගේ ගවයන් මෙම වත්තේ බැඳ සිටින බවත් සැකකරුවන් විසින් කාලයක සිට මෙම ගව සොරකම සිදුකර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවන් විසින් මෙම වත්තේ බැඳ සිටි ගවයන් ඝාතනය කර මීට පෙර අවස්ථා කීපකයකදී මස් රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.පලා ගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
පන්නල හේමා රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

