නුවරඑලිය ප්රදේශයේ උෂ්ණත්වය අවම වීම නිසා මල් තුහිණ පතිත වීමෙන් එලවලු වගාව මල් තුහිණවලින් පිලිස්සීම වළක්වා ගැනීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති බව නුවරඑලිය ප්රදේශයේ එළවලු වගා ගොවීන් කියා සිටියි.
මේ දිනවල අලුයම් කාලයේ එලවලු වගාවට මල් තුහිණ පතිත වන බවත්, හිරු එළිය උදා වීමට ප්රථම එලවලු වගාවේ පතිත වී තිබෙන මල් තුහිණ ජලය යොදා සොදා හැරීමෙන් එලවලු වගාව තරමක් දුරට ආරක්ෂා කර ගත හැකි බවයි ගොවීන් කියා සිටින්නේ.
නුවරඑලිය ප්රදේශයේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග එලවලු වගාවට යෙදිමට ඇතැම් දිනවලදී ජලය නොමැති විමෙන් ගැටළු රැසක් මතුවන බවත්, සෑම වසරකම නුවරඑලියට මල් තුහිණ පතිත වන කාලයේ එලවලු වගාවට දැඩි බලපැම් එල්ල වන බවයි එම ගොවීන් වැඩි දුරටත් කියා සිටින්නේ.




