වී 8 රථය බිහිසුණු අනතුරක
පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවෙකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවෙකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.
කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම දෙකයි තිහට2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය මාර්ගයේ දි හමුවන මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් උසින් පිහිටි ලංකාවේ එකම තනිකෙලින් පිහිටි දිගම (අඩි 895) දුම්රිය බිංගෙය වූ ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 20 දරන දුම්රිය බිංගෙය තුළ තිබූ දිරාපත් වී ගිය ලී සිල්පර කොටන් ඉවත් කර කොන්ක්‍රීට් සිල්පර දමා දුම්රිය මාර්ගය නවීකරණය කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගයෙ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.
මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවලක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
යාල ජාතික වනෝද්‍යානයේ (vi) වන කලාපයේ දීර්ඝ කාලයක් සැරිසරමින් සිටි දළකොටා ඇතා ඉකුත් (21) වෙනිදා මියගොස් ඇත.
දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුළ ඉදිකිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට විශාල ශක්තියක් ලැබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මාස කිපයක විවාහය ඒපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
ජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලම කඩිනමින් නඩත්තු කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකළොත් විශාල ජීවිත අනතුරක් වැලැක්විය නොහැකි වනු ඇතැයි අවට වෙළඳුන් පවසයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.
කොත්මලා ඔයේ ප්‍රධානතම අතු ගංගාව වන අග්‍රා ඔයේ මාළුන් විශාල ප්‍රමාණයක් හිටිහැටියේම මියගොස් ඇති බවත්, එම මාළුන් ආහාරයට ගැනීම අහිතකර විය හැකි බැවින් ආහාරයට ගැනීම හෝ අලෙවි කිරීම සිදු නොකරන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී රිෂිනි දුරෙයිරාජ් මහත්මිය පැවැසුවාය .
බෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්කය තුළ නැරඹීමට ඇති දෑ බොහෝය. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. විශේෂයෙන්ම රටවල් රැසක තානාපති කාර්‍යාල පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ද චායොයං දිස්ත්‍රික්කයේ ජියංගුවාමෙන්වායි හි පිහිටා ඇත.
පුත්තලම කලපුවට පැමිණි දැවැන්ත හම්බැක් වර්ගයෙ ඩෝල්ෆීන් මත්ස්‍යයකු අද (9දා) දහවල් වනජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂීතව දියඹට මුදා හැරිමට කටයුතු කෙරුණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
පුත්තලම දිස්ත්‍රික්ක පුරා මෙවර ප්‍රදේශ රැසක කහ වගාව සාර්ථක කර සරු අස්වැන්නක් නෙළමින් පැවතියද සාධාරණ මීලක් නොමැති විමේන් කහ වගාකරුවන් අසරණ වී ඇති බව ඔවුන් පවසති.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මෙරට විශ්වවිද්‍යාල අතරින් විශාලතම ඉතා මනස්කාන්ත භූමි භාගයකට උරුමකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාර්තු සහ මැයි මාසවලදී මෙම කහ මල් වසන්තය උදාවේ.
ජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩ මවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යයයේ 56 වැනි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්විණි.
2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31දා) දින දහවල් පියවර ගෙන තිබුණි .
අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි
ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .
මඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින් පැය 3ක කාලයක් උද්ඝෝෂණයේ යෙදුනි.
වැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.