ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
ලොව විශාලතම උඩවැඩියා ශාඛය ලෙස සැලකෙන උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබේ.
ලොව විශාලතම උඩවැඩියා ශාඛය ලෙස සැලකෙන උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සිය සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ලංකා මෙට්‍රෝ සමාගමට රජය විසින් මිලදී ගත් මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට රැගෙන විත් තිබේ. මෙම බස් රථ 104න් 100කට පමණක් රජය මුදල් ගෙවන අතර ඉතිරි බස් රථ හතර නොමිලයේ ලැබෙයි. ඉදිරි මාසවලදී මෙම බස් රථ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය. මේ වන විට මෙට්‍රෝ සේවාව වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වි තිබේ.
සතියකට ආසන්න කාලයක් ඉන්දියාව රත්කරමින් කැරපොතු ජනතා පක්ෂය පැවැත්වූ විරෝධතා අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ් ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විම ප්‍රකාශ කිරීමත් සමගිනි. මෙම ඉල්ලා අස්විම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාකරුන් පැවැසුවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පක්ෂයේ ජයග්‍රහණයක් බවයි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ශක්තිමත් කිරිමට ජපානයෙන් ප්‍රධානයක් ලෙස ලැබුනු පත්ල පහත් බස් රථ 7 ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මේ අතර මෙට්‍රෝ සේවාව වෙනුවෙන් චීනයෙන් මිලදී ගත් තවත් බස් රථ 104ක් නුදුරේදීමශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. එසේම ලංගම වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ 600ක් මිලදි ගැනීම වෙනුවෙන්ද ටෙන්ඩර්කැඳවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අවසර දුන්නේය.
පසුගියවර ලෝක ශූරයන් වූ ආජන්ටිනා කණ්ඩයම ගෝල 1-0ක් ලෙස පරාය කරමින් ඇමෙරිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනිමට ස්පාඤ්ඤය සමත්විය. ස්පාඤ්ඤය දිනාගත් දෙවැනි ලෝක කුසලානය මෙය වන අතරඔවුන් මීට පෙර 2010 වසරේදි මෙම තරගාවලිය ජයගෙන තිබුණි. පළමු අර්ධයේ මෙන්ම දෙවැනි අර්ධයේදිත් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්විය. කෙසේ වෙතත් අමතර කාලයේදී ඒනම් තරගයේ 106වැනි විනාඩියේදි ස්පාඤ්ඤය වෙනුවෙන් ෆෙරන් ටොරෙස් ගෝලයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය
ඔවුන් දෙදෙනාගේ මාවත් එකිනෙක හමුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එය සිදුවූයේ 2007 වසරේදීය; එකල 20 හැවිරිදි වියේ පසු වූ මෙසී බාර්සිලෝනා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ස්ථානයක් හිමිකරගෙන සිටි අතර, ලමින් යමාල් එවිට මාස පහක් වයසැති බිළිඳෙකු පමණක් විය.
තායිලන්තයේ පැවති මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් - 2026 ( Miss Clssy Model International - 2026 ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මැන්ඩි දිසානායක , එහි ප්‍රථම ස්ථානය දිනා ගෙන 07/09 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
එක් දරුවෙකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවරු කටයුතු කර තිබෙන අතර එවැනි සැත්කමක් ලොව සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා කීය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MUNISCA) අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරීයෙහි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණි(SRI AVIATION UNIT) අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) 2026 ජුනි මස 30 වන දින සාර්ථකව නිම කිරීමට සමත්ව තිබේ. මෙම මෙහෙයුම මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් සතු අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භිතතාවය ලෝකය හමුවේ යළිත් වරක් ප්‍රදර්ශණය කරන ලදි.
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් වසා දමා තිබු ගබඩා කාමර 03ක් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අභ්‍යන්තර විගණන නිලධාරීන් බලෙන් කඩා විවෘත කරයි. ප්‍රාදේශීය ලේකම්වරිය කුපිත වෙයි.
තත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ අතර දෙවැනි භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.5ක ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබේ.
ගාල්ල මහින්ද විද්‍යාලයේ කේ.ඒ බිහදු බිනාල් සිසුවා 14 හැවිරිදි වියේ දි අ.පො.ස සාපෙළ විභාගයට (2025) පෙනි සිට විෂයයන් නමයටම A සමාර්ථ ලබාගෙන විශිෂ්ඨ අයුරින් සමත්ව ඇත. මෙම සිසුවා අ.පො.ස සාපෙළ විභාගයට පෙනිසිටියයුතු නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර විභාගයට පෙනිසිට මෙම විශිෂ්ඨ ප්‍රථිපලය ලබාගෙන ඇත.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියක් මාස 7ක් තිස්සේ නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර ඇති බවත්, එම දුම්රියන් දෙකේ එන්ජින්දෙකට අමතරව එම දුම්රියන් ධාවනයට සහයෝගය පිණිස එක් කර තිබූ තවත් එන්ජිමක් ඇතුලු එන්ජින් තුනක් නානුඔය දුම්රිය ස්ථානයේ මාස 7ක් තිස්සේ ගාල් කර තිබෙන බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ මහතා පැවසීය.
මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබී සොයා ගත් තරුණිය සිය පෙම්වතා සමග නුවරඑලියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
ලෝකයේ කඩවසම් තරුණයන් සදහා පවත්වන ප්‍රධානතම තරගාවලියක් වන ’’ මෑන් ඔෆ් ද වර්ල්ඩ් ’’ ( Man of the world - 2026 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සංජුල කේෂාන් එහි හොදම විධිමත් ඇදුම ( Best in Formal Wear ) සදහා වූ ඉසව්වෙන් රිදී පදක්කම සහ හොදම පෞරුෂත්වය ( Best Personality ) සදහා වූ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ තවත් හොදම 10 දෙනා ( Top 10 ) අතරට පත් වූ ඉසව් 05 න් ද ජයග්‍රහණය කර , 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය 2026 ජූනි 11 වන දින සාර්ථකව සිදු කෙරුණි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.
ඩොලර් 100 නෝට්ටු 6300ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිම් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි. දිවයිනේ පවතින ඩොලර් අගයට සාපේක්ෂ අඩු මුදලකට දිවයිනේ සුප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුළදී මෙම නෝට්ටු අලෙවි කිරීමට තැත්කර ඇති බවද පොලිසිය කියයි.
පෝලන්තයේ පැවැත්වෙන , එරට ජාතික රූ රැජින තරගාවලිය වන ’’ මිස් පෝල්ස්කි ’’ ( Miss Polski ) තරගාවලියේ එක් අදියරක් , ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර , ඒ සදහා සහභාගී වීම සදහා , එම තරගාවලියේ අවසන් වටය සදහා තේරී ඇති , පෝලන්ත ජාතික රූ රැජිනියන් 24 දෙනා ඇතුළු එම තරගාවලි කාර්යය මණ්ඩලයේ 45 දෙනෙකුගෙන් යුතු පිරිසක් 06/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
දැඩි උත්සාහයත්, නොසෙලෙන වීර්යයත්, අසීමිත කැපවීමත් මත රුදුරු ගල් තලාවක් සරුසාර සොඳුරු වගා බිමක් බවට පත් කරන ලද අපූර්ව මිනිසෙකු අපට මුණ ගැසුණේ සුන්දර කඳු පන්තියකින් වටව පිහිටි නාවලපිටිය, නව තිස්පනේ නම් හරි අපූර්ව ගම්මානයෙනි.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසල මංගල්‍යයට කප් සිටුවීම ජූනි මස (01) වෙනි දින උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
කෙසෙල් කඳ මැදින් හට ගත් අරුම පුදුම කෙසෙල් කැනක් තලවකැලේ, කොටගල, භාතියපුර ගෙවත්තක කෙසෙල් පඳුරක දක්නට ලැබෙන බව එම නිවැසියෝ පවසති.
ඇමරිකානු ගුවන් සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් විනාශ වි තිබේ. එම ජෙට් යානා දෙකේ ගමන් කර ඇති ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනා ආරක්ෂිතව ඉන් ඉවත්ව පැරෂුට් ආධාරයෙන්පහළට පැමිණ තිබේ.
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ පීලි පැනීමකට ලක්වී තිබේ. පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත. අනතුරෙන් මගින් 10කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි’
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටේ ගැටී ආරක්ෂිත වැට උඩ නතර වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ඇති වුවද වික්ටෝරියා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා වික්ටෝරියා ජලාශය තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරුයි මේ.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා වියට්නාම් ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ටෝ ලැම් ( To Lam ) මහතා 05/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් 209 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ සිටියහ .
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, යකල්ල - ගල්කුලම් මාර්ගයේ පිහිටි පෞද්ගලික ධාන්‍ය ගබඩාවකට වන අලි සිව්දෙනෙකු කඩා වැදී එහි ගබඩා කර තිබූ වී සහ බඩඉරිඟු තොගයකට විශාල ලෙස හානි සිදුකර තිබේ.
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාලස් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත (28) දින ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරය මහතා පැවසීය.