වැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.

එම තත්වය මත ජලාශයේ දොරටු තුන අඩි 04 බැගින් විවෘත කිරීමට පියවරගත් බැව් ජලාශය භාර ඉංජිනේරු ආර්.බී රංජිත් මහතා පැවසීය.

එබැවින් නුගයාය ගාල්ලවංගුව දක්වා කිරිඳිඔය දෙපස ජනතාව අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කිරිදිඔය පරිහරණය කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටී.

 

0 comments

Leave a Reply

Post Comment