saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6709 hours ago

LATEST

ආරක්ෂක හමුදා සතු සියලු බලතල භාවිත කිරිමට මැලි වන්නේ නෑ

calendar_today 2022 ජුලි 14 - 14:34 remove_red_eye - 1027  

ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් පෙරවරු 11.30ට පමණ එරටින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව මාලදිවයිනට පිටත්ව ඒම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තේදැයි මාලදිවයිනේ ජනපතිගෙන් මාලදිවයිනේ මාධ්‍ය ප්‍රශ්ණ කර තිබේ.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට රටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. ජනපතිවරයා රටින් පිටව ගොස ඇති බවට තමන් බී.බී.සි. පුවත් සේවය සමග සඳහන් කළ දෙය අත්වැරදිමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

’’රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළට නායකත්වය දීමේ වගකීමට නායකත්වය දෙනවා. අපි ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුම් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ කවුරු හරි යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරනවානම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. මාතෘ භූමිය රැකගන්න අපි සූදානම්. මාතෘ භූමියට නායකත්වය ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මවුබිමට ජය වේවා!’’

Read More

සර්වපාක්ෂික අන්තර්වාර පාලනයේ ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ශ්ව කිහිපයකින් නම් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම,පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඒ අතර.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සම්බන්ධනේ වන ණය පැකේජය පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම සඳහා විසඳුමක් බලාපොරොත්තු වන එම සංවිධානය පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.

Read More

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත්තේය. විශාල ජනතාවක් එක්වරම ජනපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා වැදුණි. ආරක්ෂක අංශ සාමාජිකයන්ද කිසිවක් කර කියා ගත නොහැකිව සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ රාත්‍රී 9.00 සිට මීගමවු, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර, මධ්‍යම හා දකුණ) යන පොලිස් කොට්ඨාස වෙත නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට අද රාත්‍රී 9.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවා තිබේ.

Read More

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුවත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලී අනුපාත වැඩිකර උද්ධමනය පාලනය කර ගැනිමට උත්සාහ කරන බවයි.

Read More

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

Read More

’’ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ සිටීමයි. රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට භාර දෙන ලෙසයි’’

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්.

Read More

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කලබල නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නෑ. මහජනතාවට පේන්න නෑ. මිනිස්සු පෙලෙන්නේ ඉතාම බරපතල පිඩාවක. ජනතාවට සහනයක් පේන බලාපොරොත්තුවක් පේන තෙක් මානයක නෑ. කරුණාකර අපි මේ පක්ෂ ටික එකතුවෙලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා. රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයි දිනාගන්න වැඩ පිළිවෙලක් හදමු. අපි ගිනි කන්දක් උඩ ඉදගෙන ටෙනිස් බෝල ගහනවා.

Read More

කිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍ර දේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කර ඇති පෙට්‍රල් නෞකාව මේ මස 22-23 දින අතර ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ඊට පෙර පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි සති හයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. ඒ අනුව එහි පළමු නෞකාව මේ මස 13-15 අතර කාලයේ ද, දෙවැනි නෞකාව මේ මස 29 - 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 - 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

Read More

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ජනාධිපතිවරයා වෙත නැවතත් ලිපියක් යොමුකොට තිබේ . වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.