රට මුදාගැනීමට ඇති බාධාව රාජපක්ෂ පවුල පාලනයේ සිටීමයි
රට මේ තත්ත්වයට පත්විමට හේතුව වි ඇත්තේ පසුගිය වසර දෙක හමාරක කාලය තුල ජනාධිපතිවරයා හා රජය ගත් ගත් අදූරදර්ශි තීන්දු තීරණ බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ මූල්‍ය, ඉන්ධන ඇතුළු කිසිඳු ගැටලුවක් විසඳීමට රජයට කිසිඳු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් නොමැති බවයි.
" මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ සිටීමයි. රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට භාර දෙන ලෙසයි"යැයි උන්වසන්සේ පැවැසූය.
ඉන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ප්‍රශ්නවලට විසඳම් දී මැතිවරණයකට යා යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.
popular news
-
රොනි Wednesday, 06 July 2022 02:10 AM
දෙසපාලන කරන අයට එය කරන්න දිලා කට වහගෙන ආගමික කටයුතු කලොත් හොන්ඳයි. රටට අව්ශ්ය ඩොලර් නිසා සභාවේ ඇති වත්කම් රජයට පරිත්‍යාග කර පින් කරගන්න , බෞද්ධ මහා නායක හාමුදුරුවනෙ ඔබලා ටත් අනිකුත් ආගමික නායකත්වය ටත් එය වලන්ගුයි, උපදෙස් වලින් ඩොලර් ලැබෙන්නෙ නැත .
Reply : 0 0
Prabath Wednesday, 06 July 2022 04:51 AM
Mun thamai awurudu 2 hamarakama saha thamath lankawat dollars ena eka nawaththuwe. Aoe honda gourawayak thibuna methumata. Dan nam balu ganai. Thanikara awasthavadiyo. Agamata bandawagena dan enawa ape lankawa kiyanna. April 21 ohoma newei gahanna thibune. Naththatama nathiwela yanna.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 06 July 2022 05:16 AM
ඉතින් ඔබ වහන්සේ ඔය කාරණය සෘජුව කියාගන්න බැරුව ද මෙච්චර කලක් අර මහ මොළකරුවෙක් ගැන හොය හොය හිටියෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

