saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12103 hours ago

LATEST

බිම්බෝම්බයක් පිපිරීමෙන් පාසල් සිසුවෙකුට බරපතළ තුවාල

calendar_today 2018 අගෝ 09 - 13:30 remove_red_eye - 271  

බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් මුහමාලෙයි, එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (08දා) බරපතළ තුවාල ලබා ඇතැයි පලෙයි සහ කොඩිකාමම් පොලිස් නිලධාරීහු පවසති.

මන්නාරම්රම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිනීවළේ ඉදිරි කැනීම් කටයුතු පිළිබඳ වාර්තා කිරීම තහනම් කරමින් මන්නාරම් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.

Read More

කොටහේන පොලිස් වසමේ විද්‍යාල වීදිය මාර්ගය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සහ මෝදර පොලිස් වසමේ මාදම්පිටිය මාර්ගය හෙට දින (10දා) සිට 13 දක්වා ජලනළ එලීම හේතුවෙන් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.

Read More

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

කොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08දා) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (09දා) පැවසීය.

Read More

අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ වරෙන්තුවක් අනුව තලවකැලේ ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති එල්. භාරදිදාසන් මහතා තලවකැලේ පොලීසිය මගින් අද (09දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෙත්සිරිපාය දෙස සිට කොළඹ දෙසට හා කඩුවෙල දෙසට මාර්ගය සම්පුර්යෙන් අවහිරවී ඇති බව වාර්තා වේ.

Read More

තම වරප්‍රසාද පිළිබඳව මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද වැඩවර්ජනවල නිරතවන්නන් සිතා බැලිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

Read More

සිසුන් අතර, පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් සති තුනක කාලයකට රජරට විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

Read More

දුම්රිය වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සඳහා ලංගම බස් රථ හය දහසක් අද දිනයේ සේවයට එක්කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය බලාපොරොත්තු වන බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කරයි.

Read More

විශ්‍රාම වැටුප් තහවුරු කිරීම, පත්වීම් ලිපි ලබාදීම, උසස්වීම් ක්‍රියාපටිපාටි ක්‍රියාක්මක කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දිවයින පුරා සමෘද්ධි නිලධාරීන් අද (09දා) වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

Read More

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීමට මිල කමිටුව අද (09) රැස්වීමට නියමිතයි

Read More

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (09දා) පෙරවරු 10.00ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.

Read More

ඇමෙරිකාව සහ චීනය අතර බදු අර්බුදයක් හටගෙන ඇති අතර, එහි බලපෑම ශ්‍රීලංකාවටද ඇතිවිය හැකි බැවින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දියයුතු ආකාරය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read More

දිවයින අවට මුහුදු ප්‍රදේශවල වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර ඇති බවට පළවන පුවත් වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඥානසාර හිමිට ජම්පරය අඳින ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Read More

දුම්රිය ගැටලු විසඳා ගැනීම සඳහා බලධාරීන් මේ දක්වා සාකච්ඡාවක් ලබාදී නොමැති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read More

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ පස්වරුවේ සිට දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

වසර 35ක කාලසීමාවක් තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන අලුත්වැඩියාව කිසිවක් සිදුකර නොමැති බැවින් එහි අලුත්වැඩියා සඳහා උපදේශක සේවා කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය හරහා කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි.

Read More

තම දරුවන් හැකිතාක් වේලාසන විභාග මධ්‍යස්ථාන වෙත කැඳවාගෙන ඒමට කටයුතු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ට පවසයි.

Read More

ආරම්භ වී අැති උසස් පෙළ විභාගයට හෙට (09දා) දිනයේදී මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හමුදා බස් සේවාවක් යොදවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංගම සේවක නිවාඩු අවලංගු කර තිබේ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.

Read More

පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

සේම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 1,354ක් අතුරින් ව්‍යාපෘති 561ක්, කාර්තුවේ ඉලක්කයෙන් 75% කට වැඩි භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25% කට වඩා අඩු ගන්නා බව එම වාර්තාවේ සදහන්වේ.

Read More

අධීක්‍ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප නොකළ බව සමකැබිනට් ප්‍රකාශන රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

මගී විරෝධතාව හේතුවෙන් අවහිර වූ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා දුම්රිය ආරක්‍ෂාවට මේ වන විට විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.