පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම රු.බි. 469යි - වියදම 403
රජය මගින් 2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රුපියල් බිලියන 403ක් වියදම් දරා ඇති අතර, (රාජ්‍ය ණය සේවාකරණය හැර) එය එම කාර්තුවේ ඉලක්කගත වියදමෙන් 91ක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
රජය විසින් එම කාර්තුව තුළ රැස්කරගත් ආදායම රුපියල් බිලියන 469ක් වන අතර එයින් රුපියල් බිලියන 425ක් බදු මගින්ද, රුපියල් බිලියන 44ක් බදු නොවන මූලාශ්‍ර මගින්ද ලැබී තිබේ. එය කාර්තුව තුළ අපේක්ෂිත ආදායමින් 90.2%කි.
එසේම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 1,354ක් අතුරින් ව්‍යාපෘති 561ක්, කාර්තුවේ ඉලක්කයෙන් 75% කට වැඩි භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25% කට වඩා අඩු ගන්නා බව එම වාර්තාවේ සදහන්වේ. මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

popular news
-
Champa Thursday, 09 August 2018 12:48 AM
ඔන්න පම්පෝරිය ----- "රජය විසින් එම කාර්තුව තුළ රැස්කරගත් ආදායම රුපියල් බිලියන 469ක් වන අතර එයින් රුපියල් බිලියන 425ක් බදු මගින්ලු." මේ ආදායම ලැබුනේ ආණ්ඩුව කිසි වැඩක් කරලා නෙමේ. මහන්සි වෙලා වැඩ කරපු, මහන්සි වෙලා ව්‍යාපාර කටයුතු කරපු මිනිස්සුන්ගේ අදායම මංකොල්ල කාල. අහිංසක මිනිස්සුන්ව පික් පොකට් ගහලා. මේ අසාධාරණ බදු ක්‍රමයට විරුද්ධව මිනිස්සු කතා කරනව මදි. ආණ්ඩුවේ මැති ඇමති වරු සැප ගන්නේ පඩි වැඩි කරගන්නේ අහිංසක මිනිස්සුන්ව ගසා කාල. මේ විදියට ඉතාම නිර්ලජ්ජිත විදියට මිනිස්සුන්ව හූර ගන්න ඉඩ දීල බලා ඉන්න හොඳ නැහැ. මේකට විරුද්ධව පාරට බහිමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
