ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක්
හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
විදේශික කාන්තාවක් පසුගියදා අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය කන්දෙන් පහළට වැටී මිය යෑමෙන් අනතුරුව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සහකාර වනජීවී අධ්යක්ෂවරයා සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද හෙතෙම පවසා සිටියේය.
හැටන්- රංජිත් රාජපක්ෂ

popular news
-
Kumar Friday, 16 November 2018 08:29 AM
ඔය කොපමණ දැල් දැම්මත් මෝඩයෝ මැරෙන අලුත් ක්‍රම සොයාගන්නවා. අපි සිටින California ප්‍රන්තේ Yeosamite නමැති ලෝක ප්‍රකට ස්ථානයකත් ඒ වැනි අණුවන ක්‍රියාවන් නිසා ජීවිත නැතිකරගන්නවා.
Reply : 0 0
rocky Friday, 16 November 2018 12:11 PM
පිට රටින් පස් ඉම්පෝර්ට් කරලා ඔය හරිය එකම මට්ටමට පුරෝලා දැම්මා නම් ඉවරනේ. හොඳ කොමිස් පාරකුත් ගහන්න තිබුන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

