saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11638 hours ago

LATEST

නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් ඉල්ලයි

calendar_today 2018 නොවැ 21 - 16:01 remove_red_eye - 1378  

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළළ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා තිබේ.

කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් ඔවුන් පරාජයට පත්වූ හෙයින් අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයාට බාර දී තිබේ.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් උතුරේ ධීවරයින්ට අද දිනයේදී මුහුදු යාමෙන් වලකින ලෙසට අනතුරු ඇගවීම හේතුවෙන් උතුරේ ඇතැම් ප්‍රදේශයන්හි ධීවරයින් අද දින මුහුදු යාමෙන් වැලකී සිටියහ.

Read More

අමාත්‍යධුරයෙන් ඉවත්වන බව සඳහන් කළ වඩුවේල් සුරේෂ් මහතා නැවතත් ආණ්ඩුවට එක්වෙන බවට තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි.

Read More

අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

Read More

ඊයේ (20දා) දාතමින් යුත් ලිපියක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව තම නිරීක්ෂණයට ලක්ව ඇතැයිද කථානායක කාර්යාල සඳහන් කරයි.

Read More

ඒ අයට ඉන්නේ 85. අපි එතුමා (ජනපති) සමග අමනාපයක් නෑ. එතුමාට වැරදි නීති උපදෙස් ලැබී තිබෙනවා. දෙගොල්ලම කඹේ ඇඳගෙන ඉන්නේ. අත්හැරපු අය පරාදයි.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (21දා) වාර්තා කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වී තිබේ.

Read More

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරයේදි සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරිමේදි එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් සන්තකයේ තිබි හෙරෝයින් ග්‍රෑම් 04 මිලිිග්‍රෑම් 365ක් සොයාගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඊළග සාකච්ඡාව කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.

Read More

බස්නාහිරපළාත් සභාවේ පසුගිය සභාවාරයේදී මන්ත්‍රීවරුන්පරිගණකවලින් අසභ්‍ය දර්ශන නරඹා තිබේදැයි සොයා බැලීමට පරීක්‍ෂණයක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

Read More

කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට සභාව කල්තබන නිවේදය සිදුකරන අවස්ථාව දක්වා සභාවේ ඇතිවූ සංවාදහැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වනු ඇතැයි කථානායකවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්ත්‍රීරන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී පැවසීය.

Read More

පාසලකට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් 790000ක මුදලක් වංචා කළ සැකකරුවෙක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

ආරක්ෂක විෂයභාර ජනාධිපතිතුමාගේ අනුදැනුමක් නැතුව ඒ අංශ ක්‍රියාත්මක වනවානම් එය රටේ අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව පූජ්‍ය ඕමල්පේ සොභිත හිමියෝ කියති.

Read More

මුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව මෛත්‍රී - මහින්ද රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (20දා ) පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද (20දා) කටයුතු කළහ.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

Read More

අද දින ප.ව 3.00 සිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේහි පවතින අඩු පිඩන තත්වය නිසා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවිමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට සිටින්නේ මන්ත්‍රිවරු 86ක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.

Read More

කථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද උදැසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණ .

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.