මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ලබන කැබිනට් මණ්ඩලයට
මුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව මෛත්‍රී - මහින්ද රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (20දා ) පැවසීය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව බෙහෝ විට ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා තමාගේ අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරගෙන යන බවත්, නව රජයේ කැබිනට් මණ්ඩලයට තමා ඉදිරිපත් කරන පළමු කැබිනට් පත්‍රිකාව එය බවත් හෙතෙම පැවසීය.
දැනට ඉංග්‍රීසි බසින් මුද්‍රණය කර තිබෙන ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සති දෙකක් ඇතුළත සිංහල හා දෙමළ බසින් මුද්‍රණය කරන්නැයි ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාට තමා දැනුම් දුන් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
popular news
-
chathuri Tuesday, 20 November 2018 10:00 PM
උර ලැව. ලගින් ගියත්. ගඳයි. ඒ. වගේ. තමයි මේ ජෝඩුවත් රටින්. පිටත්. ගඳ ගැස්සුවා , දෙන්නවම. පුටුදෙකේ. ගැටගහල බිල්ලාඩන්. ව. දැම්ම. වගේ මහා මුහුදට. දමන්න ඕන එකෙක්. තුරුම්පු. ගහනකොට. , අනිකා බැංකු. කඩලා ඉවරයි කිරි. පැණි වගේඉන්නේ ලොකු. විනාසයක්. අත ලග. එනවා. මයිත්‍රී. රනිල්ට වල කැපුවා. දැන් මහින්ද. අඩි හයක්. කපල. තියාගෙන ඉන්නේ වෙලාව. ආපුවම. ඇදල. දමල. වහන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

