saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11633 hours ago

LATEST

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට සාකච්ඡා

calendar_today 2018 නොවැ 22 - 15:01 remove_red_eye - 3284  

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22දා) දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් යනුවෙන් හැදින්වෙන සිවනේසතුරෛ චන්දුකාන්තන් ඇතුළු 07 දෙනාට එරෙහි මඩකලපුව මහාධිකරණයේ නිතිපති විසින් ගොනුකරන ලද චෝදනා සම්බන්ධවවූ විභාගය ලබන ජනවාරි මස 9 වැනි දින දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.ම් ඉස්සදින් මහතා විසින් කල් තැබීය.

Read More

1972 වසරේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් ඉවතට ගිය බවත් ලංකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More
අදත් තද වැසි
22 11 2018 13:45:00
0 183

දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට ලබාදීම කථානායකවරුන්ගේ මූලධර්මයයි. 2004දීත්, 2015 ජනවාරි 9 වැනිදාත් මේ ආකාරයට ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබාදුන්නා.

Read More

ලබන වසරේදී වාහන මිල ගණන් 10% - 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රුපියල් මිලියන 3.6කට අධික වටිනාකමකින් යුත් මෙත්ඇම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංඹයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21දා) සිට යළි සේවයේ පිහිටුවා තිබේ.

Read More

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ තුට්ටුවකට මායිම් නොකර කථානායකවරයා එජාපය හා සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් ඔහුගේ පක්ෂපාති තීන්දු තීරණ වලට එරෙහිව දැන් රටේ ජනතාව තුළද දැඩි අප්‍රසාදයක් මතුව තිබෙන බවත් කැලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

මේ වන විට මේ රට පත්ව තිබෙන අරාජික තත්වයට ජනාධිපතිවරයා, නව අගමැතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා ,කැබිනට් අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාම වගකිව යුතු බවත් එම නිසා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට සංඝ ආඥාවක් පනවා රාජ්‍ය පාලකයින් මෙල්ල කර රට නිවැරදි මාවතකට ගෙනයාමට ක්‍රියා කරන ලෙස ත්‍රෛ යිනිකායික මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ගල්කිරියාගම නාමල් උයන නිර්මාතෘ පුජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

Read More

2019 වසරේ පළමු කාර්තුවේ වියදම් වෙනුවෙන් රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.

Read More

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිත සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හා විශේෂ අමුත්තන්ගේ ගැලරියට අමුත්තන් නොකැඳවන බව පාර්ලිමේන්තුව පවසයි.

Read More

වරාය සේවකයින්ගේන් ලද පැමිණිල්ලකට අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද වරාය භෝජනාගාර ක්ෂණික නීරික්ෂණයක නියලුණි.

Read More

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂය විසින් සිය නියෝජිතයින් නම් කර කතානායක කරු ජයසුරිය මහතා වෙත යොමු කර තිබෙි.

Read More

පාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (21දා) පැවසීය.

Read More

අවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධුරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගනඉදීමට තිබුණු බව ගාල්ල දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි

Read More

අරුන්දික කථානායක පුටුවේ වාඩි වෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මතයි. කතානායකතුමා එදා පොලීසිය නැතිව පාර්ලිමේන්තුවට ආවා නම් ඝාතනය කරනවා.

Read More

මෙවර මාස්කන්නය ආරම්භව තිබුණත් පවතින බිත්තර වී හිගයට ගොවිජන සේවා හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් නොවිම නිසා එය දඩමිමා කර ගනිමින් කඑකඩ හිමියෝ ප්‍රමිතියෙන් තොර කිසිදු වගකිමක් නොමැතිව බිත්තර වී අධික මිල ගනන් වලට අලෙවි කරමින් ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දමමින් තිබෙන බව ප්‍රගතිශිලි ගොවි ජනසම්මේලනයේ සභාපති එම් කේ ජයතිස්ස ගොවි මහතා පවසයි.

Read More

අසත්‍ය ත්‍රස්ත චෝදනා යටතේ මාලදිවයිනේ සිරගත කර සිටි ශ්‍රී ලාංකික ළහිර මධුශංකට නිදහස හිමිව තිබේ.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලා පූජාපිටිය නගරයේදී අද විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

Read More

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

Read More

පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේෂ් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

අමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළළ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා තිබේ.

Read More

කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.