බක්මහේ දිවුරුමට සියලු දෙනා එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන , බක්මහ දිවුරුම, අපේ‍්‍රල් 03වනදා සිදු කෙරේ.
එහි ප්‍රධාන උත්සවය අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු ඊට එක්කර ගැනීමටද නියමිතය. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වෙති.
මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කෙරෙන අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලුදෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක් කර ගැනීමට නියමිතය.
අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර, පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදු කෙරේ.
දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමඟ එක්වීමට නියමිතය.
ඒ අනුව පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද, පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරයි.
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක මෙම වැඩසටහනට බේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරයි.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 02 April 2019 09:36 AM
විකාර. බොරු සෝබන උත්සව. නිරාපරාදේ සල්ලි නාස්තියක්.
Reply : 0 1
Champa Tuesday, 02 April 2019 11:16 AM
වහල් ආණ්ඩුව ආව දවසේ ඉඳන් රටට මොන තරම් මත්ද්‍රව්‍ය ගෙනල්ල තියෙනවද කියලා අල්ලන ප්‍රමාණයෙන් පේනවා. මුළු රටම විනාශ කළා. අවුරුදු 4ක් තිස්සේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරලා දැන් මර්දනය කරනවලු. රට හැමතැනම ගණිකාවෝ. මුළු සමාජයම විනාශ කරලා මිනිස්සුන්ගේ මනස් විකෘති කරල පොඩි දරුවෙක්ට පන්සලකට ඉස්කෝලෙකට යන්න බැරි තරමට රට පුරා වනචාරයන් පිරිලා. දැන් රනිල් සිරිසේන දෙන්න හරියට කතාව බෝධි සත්වයෝ වගේ. කිසි දවසක චන්දෙකින් දිනන්න බැරි රනිල්ව බලයට ගෙනලා ජනවාරි 8 කරපු මහා පාප කර්මේ මෛත්‍රීට කිසි දවසක ගෙවල ඉවර කරන්න බැහැ. ගිය ඔක්තෝබර් ඇඳ ගත්ත මෛත්‍රීගේ වෙස් මුහුණත් තව ටික දවසකින් ගැලවෙයි. පත්තර කියවන කියවන ගානේ මට කේන්ති යනවා ද්‍රෝහීන් දෙන්න රටට කරපු අපරාදෙට. ඊළඟ චන්දෙත් හොරට දිනන්න ලැස්ති වෙනවා. දෙන්නටම ඕනේ මහින්දව අයින් කරන්න. මේගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද. රටට කරපු අපරාදෙට එල්ලුම් ගහ ටෙස්ට් කරන්න දාන්න ඕනේ යහපාලන ද්‍රෝහියෝ දෙන්නව. මත්ද්‍රවය අල්ලන්න කියලා බොරුවක් කියලා communication interceptors ගෙන්වන්නේ අලුත්ම සෙල්ලමකට. ඊටත් වඩා පොඩි කොමිස් එකක්ද බිලියන් 6.9කින් ලැබෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

