ගෝඨාට ඇමරිකාවේ නඩු පවරන්න බෑ - ගම්මන්පිල
ලසන්ත ඝාතනය ගෝඨාභය මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න කවුරුන් හෝ සැලසුම් කරනවා නම් එය දවල් හීනයක් පමණක් බවත්, මේක එජාපය ගෙතූ තවත් එක් බොරුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (1) වෙනිදා පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,
"සර්වලෝක අධිකරණ බලය කියන්නේ එක් රටක දී කරපු අපරාධයකට තවත් රටක දී හෝ ජාත්‍යන්තර අධිකරණයක දී දඬුවම් කිරීමට ඇති හැකියාවටයි. මේ අධිකරණ බලය යුරෝපීය රටවල් බහුතරයක් පිලිගත්තත් බොහෝ රටවල් පිලිගන්නේ නෑ.
විශේෂයෙන්ම ඇමෙරිකාව සර්වලෝක අධිකරණ බලය භාවිතා කරන්නේ ඉතාමත් සීමිතවයි. ඒ අනුව පිටරටක සිට ඇමෙරිකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් වැනි අපරාධයක් කළොත් තානාපති කාර්යාලයකට හෝ විදේශයක දී ඇමෙරිකානු නිලධාරියෙකුට අපරාධයක් කළොත් ඒ අය ඇමෙරිකාවට ගෙනැවිත් දඬුවම් කරන්න කටයුතු කර තිබෙනවා.
නමුත් විදේශ රටක දී කරන ලද ඇමෙරිකාවට අදාළ නැති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාව නඩු පවරන්නේ නෑ. ඒකට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව පවා සර්වලෝක අධිකරණ බලය භාවිතා කිරීමට විවිධ සංවිධාන උත්සාහ කර තිබීමයි.
එජාපය කියන දෙවන කතාව තමයි ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න නම් ඡන්දයට වසරකට කලින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්න ඕනි කියන එක. කොහේද ඕක තිබෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තියේද ජනාධිපතිවරණ පනතේ කුමන වගන්තියේද ඕක තියෙන්නේ.
අවම වශයෙන් ද්විත්ව පුරවැසිකම නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නවත් හේතුවක් නොවේ. නමුත් නාමයෝජනා භාර දෙන දවස වනවිට ද්විත්ව පුරවැසිකම අත්හැර තිබීම ප්‍රමාණවත්. ඒ නිසා නීති පොත පෙරලා හරි දේ දැන ගෙන කතා කරනු මැනවී කියලා අපට එජාප මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නට සිදු වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.
කෂිනි හපුආරච්චි

popular news
-
mahinda Monday, 01 April 2019 05:50 PM
australiawe අයගෙන් හොරකම් කලාම මෙහෙ නඩු දන්නා පුලුවන්ද,නීති ඔස්ටඩ් ගෙන් අහන්න ඕන
Reply : 0 3
chathuri Monday, 01 April 2019 08:08 PM
ගම්මා. ගේ නඩු කියවිල්ල නියමයි , බලාගෙන පිටරට. යන්නේ විදෙශිකයුට. කරපු මුදල් වංචාව මතකද. . එයට. අපේ රටේ. නඩුතිබුනට ඒ මනුස්සයට. පුළුවන්. තමන්ගේ. රටට. හොරා ඇවිත් ඉන්න බව දන ගත්ත. ගමන් අත් අඩංගුවට අරගන්න. වැඩ. සලස් වන්න. අපේ රටේ නඩු අහන්නෙත්. කියන්නෙත්. මුදලට. වෙන රටවල අපරාද ගොඩක් අඩු නිතිය. සැමටම. පොදු නිසා. ,ඒ වගේම. තමා ගොට්ව. ඇමරිකාවේදී අත් අඩංගුවට ගන්න. පුළුවන් ලසතගේ පවුලේ. කෙනෙක්. මෙරටේ ඉන්න වනම්. ගොඩක් පහසුයි මුදල් තිබුනත්. නැතත් ප්‍රශ්නයක්. නැහැ පුවත්. පත්වල පළවූ ගාතන විස්තර , පින්තුර. මේ සියල්ලම. වටිනවා. ඔහු. මද්යවෙදියෙක් නිසා ඔහු ගැන. විශේෂයෙන් බලනවා. , අපේ උන් නිතිය කතා. කරන්න. නීතියක්. තියෙන්න. ඕන. , ලසන්න්ත. මහතාගේ නඩුව හොඳට දිනන්න. පුළුවන් වන්දි. මුදල් මිලියන ගානක්. ඉල්ලා. නඩු. පවරන්න මිනීමරුවාගේ ඇමරිකාවේ. තිබෙන. දේපල. සියල්ලම රාජ සන්තකයි මම දන්නා. නිසා කියන්නේ
Reply : 0 0
rocky Tuesday, 02 April 2019 06:12 AM
අපෝ, මේ හැලගේම්බා දන්නා දේවල්. ඇමරිකාවේ නීතිය ගැනත් විශේෂඥයෙක් වගෙයි. කොහොම වුනත් ඕස්ට්‍රේලියාවේ අර ශදික් කියන හාදයගෙන් පරෙස්සම් වෙලා ඉන්න!
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

