නීති විරෝධී මත්ද්‍රව්‍ය වසර 2කින් අවසන් කරනවා - ජනපති
නිති විරෝධි මත්ද්‍රව්‍ය වසර දෙකකින් අවසන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කොකෙන් කිලෝ 769ක් විනාශ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කැලණියේදි එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම අංශ ඒකාබද්ධව වැඩසටහන් දියත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට රට තුළ නීති විරෝදී මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස 150000ක් බවට පත්ව ඇති බවත් ඔවුන් පුනරුත්තාපතනය කිරීමට වැඩ පිළිවෙළක් දියත් කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
කෝලිත Monday, 01 April 2019 04:21 PM
තව වසර දෙකකදිත් ජනාදිපති ඔයාද...?
Reply : 0 0
Champa Monday, 01 April 2019 05:14 PM
වසර දෙකකින්? ගෙදර යන්න කල්පනාවක් නැහැ වගේ. වසන්ත ලක්ෂ්මන් පෙරේරා කියනව ජනාධිපතිතුමාට 2020 මැයි වෙනකම් ඉන්න පුළුවන්ලු. ඒ මොකොද 19න් ධූර කාලය 6 ඉඳන් 5 ට අඩු කරගත්ත නිසා කථානායක 19 ට අත්සන් කරපු දවසේ ඉඳන්ලු ජනාධිපති ධූරයේ කාලය ගණන් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් ඒකමලු කියන්නේ. එයා නීතිඥයෙක්දත් කොහෙද මං හිතන්නේ. හැබැයි ඒ කතාවට මට නම් හිනා යනවා. ඒ මොකොද කිව්වා නම්, ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය පටන් ගන්නේ තමන් දිව්රුම් දීපු දවසේ ඉඳන් මිසක් කථානායක කොලේකට අත්සන් කරපු දවසේ ඉඳන් නෙමෙයි. හැබයි එහෙම වෙන්න තිබුන 19න් ධූර කාලය වෙනස් කලාට පස්සේ නැවත ජනාධිපති ධූරයේ දිව්රුම් දුන්න නම්. එතකොට එදා ඉඳන් තමයි අවුරුදු 5 ගණන් ගන්නේ. ඒ බව කියන්න වටේ හිටපු ගැත්තන්ට ඒ තරම් මොලයක් නොතිබ්බ එක හොඳට ගියා. එහෙම අලුතින් දිව්රුම් දීමක් වුනේ නැති නිසා දිව්රුම් දීල තියෙන්නේ කවදද, එදා ඉදන් තමයි අවුරුදු 5 ගණන් ගන්නේ. SC එක කියන්නෙත් මේකමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

