saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10948 hours ago

LATEST

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකුත් භාර ගෙන නෑ

calendar_today 2019 අප්‍රේ 22 - 10:47 remove_red_eye - 1374  

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ තමන් එම හෝටලයෙන් නික්ම ගොස් සුළු මොහොතකින් බව ප්‍රකට ඉන්දීය කොලිවුඩ් නිළියක් වන රාධිකා සරත් කුමර් සිය ට්විටර් ගණුමෙන් සඳහන් කරන්නීය.

Read More

පවතින අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හා කොළශ පිහිටි ඇමෙරිකානු කේන්ද්‍රය හා අනෙකුත් පියස්ද වසා දමා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.

Read More

රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැළකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියළුම පළාත් රාජ්‍ය ආයතන වෙතට අද (22දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

Read More

වහාම තම රෝහල්වෙත ගොස් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂණවරුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ටි. 56 අවි සඳහා යොදන සජිවී පතොරම් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ් ඇසුරුමක් සමග දියතලාව කහගොල්ලේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ හා මඩකලපුව සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට දඹුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙව 9ට පැවැත්විමට නියමිතව තිබේ.

Read More

පොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් මේ වන විට ලංගම හා පේද්ගලික බස් සේවා හා දුම්රිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමිත් තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර 4/21 දින මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

Read More

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21දා) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය. රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර සුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි

Read More

ඊයේ පනවූ ඇඳිර නීතිය අද පෙ.ව. 6ට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සාතිශය සංවේගය පළ කර සිටින අතර, තුවාල වූවන්ට ඉක්මන් සුවය පතමු.

Read More

පවතින අයහපත් ආරක්ෂක තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොළ හෙට දිනයේදී සිය කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.

Read More

ස්පාඤ්ඤ ලා ලීග තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂා කළේය.

Read More

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්‍රියේදී ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දැමිමට තිරණය කර තිබේ.

Read More

සමස්ත ලංකා මුස්ලිම් වියතුංගේ සංගමය (උලමා) , මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

කොළඹට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත් කර නොතිබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල වූ ප්‍රහාර වලට අදාළව මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කොළඹ ඇතුළු ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැකකෙරනෙ නිවසක් පොලීසිය සොයාගෙන තිබේ.

Read More

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.

Read More

ජාතික ව්‍යසන අවස්ථාවේ ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන් ඉල්ලීමක්.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.