ටි. 56 අවි සඳහා යොදන සජිවී පතොරම් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ ඇසුරුමක් සමග දියතලාව කහගොල්ලේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනෙකි. ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.