සියලු දෙනා සාමකාමීව දූරදර්ශීව ක්‍රියා කරන්න - අස්ගිරි මහනාහිමි
කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීමෙන් මහත් කම්පනයටත්, සංවේගයටත් පත්ව සිටින බව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමියෝ පවසති.
"අද දින කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීමෙන් අපි මහත් කම්පනයටත්, සංවේගයටත් පත්ව සිටිමු. කතෝලික බැතිමතුන්ගේ විශේෂ ආගමික දේව මෙහෙයක් සිදුවූ අවස්ථාවක් ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් ජීවිත ගණනාවක් අහිමි වී ඇත. විශාල පිරිසක් තුවාල ලබා ඇත. ශ්‍රී ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී කවර ජාතියකට, කවර ආගමිකයෙකුට වුවද සිදුවූ මෙම ඛේදවාචකය අපි තරයේ හෙළා දකිමු. එමෙන්ම, ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට අපගේ සාතිශය සංවේගය පළ කර සිටින අතර, තුවාල වූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මෙම සිදුවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්වයන්ට භාරදී සියලු දෙනා ඉතා සාමකාමීව සහ දූරදර්ශීව කටයුතු කරන ලෙස ලක්වාසී සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු."
popular news
-
rocky Monday, 22 April 2019 02:00 PM
දැන් ද ඔබවහන්සේට ඇහැරුනේ? මල්වත්තේ ලොකු උන්නාන්සේ තවම සැතපෙනවා වගෙයි. අටපිරිකරකුත් අරගන බැහැදකින්න එනතුරු ඉන්නවා වගෙයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

