saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10943 hours ago

LATEST

පොලිස් ඇඳිරි නීතිය පනවයි

calendar_today 2019 අප්‍රේ 23 - 17:05 remove_red_eye - 884  

අද (23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබේ.

Read More

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.

Read More

පොලිස් ඇඳිරි නිතිය පනවා තිබූ අවස්ථාවේදි සුඛෝපභෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී හොරණ වෑවල ප්‍රදේශයේදි අත්අඩංගුවට පත් පුද්ගලයන් දස දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 6 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු පවසති.

Read More

පානීය ජයලයට වස මිශ්‍රකර ඇති බවට ඊයේ දිනයේදී අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් මාදම්පිටිය පාර, කොළඹ 15 ලිපිනයේ පදිංචිව සිටි ඇති අතර ඔවුහු බ්ලූමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ විවිධ ස්ථානවල සැක කටයුතු වාහන පවතීනම් 116 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ගුවන් හමුදාව සඳහන් කරයි.

Read More

මේ සිදුවූ ත්‍රස්තවාදි ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්ත බවට චෝදනවක් එල්ල වෙලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිකරුණේ එකිනෙකාට බනින්නේ නැතිව, සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කල යුතුයි. මේ අවස්ථාවේදි පොලිස්පති නිසි පරිදි සිය රාජකාරිය ඉටුකළානම්, මෙවැනි විනාශකාරී කටයුත්තක් සිදුනොවන්න තිබණා යැයි විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

Read More

කොළඹ කිංග්ස්බරි හෝටලය ආසන්නයේ තිබෙන සැකකටයුතු වෑන් රථයක් පිළිබඳව මේ වන විට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

Read More

පතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගැනුණු අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 7 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කර තිබේ.

Read More

විපක්ෂ නායකවරයා සිය කථාවෙන් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරිමට කටයුතු කළේය.

Read More

බුද්ධි අංශ නිලධාරීන් දඬයම් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ට සිය ක්‍රියා සිදුකිරීම පහසුවක් වූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත.

Read More

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හා ආණ්ඩුවේ අමාත්‍යවරු භාර ගත යුතුව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

Read More

ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදින්ගේ චංචල හා නිශ්චල දේපළ රාජ සන්තක කිරීමට පියවර ගත යුතුව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එයට දැඩි බාධාවක් එල්ල කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරය දීර්ඝ කාලයක් සැලසුම් කළ ප්‍රහාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට දින (24) ආරම්භ කිරීමට නියමිතව තිබු අනුරාධපුර ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නැවත දැනුම් දෙනතුරු ආරම්භ නොකිරීමට එම විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය තීරණය කොට ඇත.

Read More

ප්‍රහාර වලින් මිය ගිය හා තුවාල ලැබූ ජනතාව වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද තාවක් ආරක්ෂා කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළේය.

Read More

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි අවධානමකට ලක්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

Read More

මුස්ලිම් සාම්ප්‍රදායික ඇඳුමක් නොවන බුර්කාව (සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන ඇඳිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිදුකළ සම්බන්ධිත ත්‍රස්ත ප්‍රහාරය සඳහා ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන වන ඉස්ලාම් රාජ්‍ය හෝ අල් කයිඩා සංවිධාන සම්බන්ධ බවට ආරක්ෂක විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

Read More

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් ආගමික සංවිධාන ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Read More

හෙට දිනයේ ආරම්භ විමට නියමිතව තිබු රජයේ පාසල් ලබන 29 වන දා කල් තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

Read More

දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල්, තැපල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ.

Read More

දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භූමි අවට යතුරුපැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භූමි තුළ සිටින ජනතාව මේ වනවිට ඉවත් කිරීම සිදුවෙමින් පවති.

Read More

පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.