බුද්ධි අංශ දඬයම් කිරීම ත්රස්තවාදීන්ට පහසුවක් වුණා
බුද්ධි අංශ නිලධාරීන් දඬයම් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ත්රස්තවාදීන්ට සිය ක්‍රියා සිදුකිරීම පහසුවක් වූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
" මේ ප්‍රහාර දැක්කාම මට මතක්වෙන්නේ කැබිතිගොල්ලෑව ප්රහරයයි. දකුණු ආසියාවේ සිවිල් ජනතාවක් ඉලක්ක කරගෙන එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙය බවට ආරක්ෂක අංශ සඳහන් කරනවා.
මම ජනපතිට භාර දුන්නේ සුරක්ෂිත රටක්. ඒක විදේශීය රටවල් පවා කියලා තිබුණ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ සඳහා වගකිව යුතුයි.
පොලීසිය දැනුවත් කර තිබුණා. පල්ලවලට ආරක්ෂාව දෙන්න තිබුණා. ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඬයම් කළා. රණවිරුවන් හිරේ දැම්මා.
ත්‍රිවිධ හමුදාපතිවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගියා. විදේශ රටවලට අවශ්‍ය විදිහට රට පාලනය කරන්න දෙන්න බෑ.
බුද්ධි අංශ දඬයම් කිරීම ත්රස්තවාදීන් පහසුවක් වුණා. නිලධාරීන් බිල්ලට දාලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා.
දැන් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. මාවනැල්ල හා වනාතවිල්ලු සිදුවීම් එකිනෙකට සම්බන්ධයි. මේක කලින් දැනගෙන ඇමතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළා.
මෙය සංචාරක කර්මාන්තයට හා විදේශ ආයෝජන සඳහා එල්ල වූ මරු පහරක්. රණවිරු දඬයම දැන් නවත්වන්න. මේ සඳහා විපක්ෂය ලෙස අප සහාය දක්වන්න සූදානම්.
ත්රස්තවාදයට ආගමක් ජාතියක් නෑ. "

popular news
-
Mallika Perera Tuesday, 23 April 2019 02:58 PM
මෝඩ කතා කියන්න එපා වැරදි කරපු ඕන අයකුට දඩුවම් කරන්නේ ඕන
Reply : 0 0
lion Tuesday, 23 April 2019 03:09 PM
බුද්දි අංශයේ හරි මොන අන්සේ හරි මිනිමරනවානම් කප්පන් ගන්න එකත් බුද්දි අංශයේ වැඩක්ද මහත්තයෝ.නිකන් බොරු කෙලින්න එපා. අර මිනිහ මුලා කරලා අගමැති පුටුවට පැන්න. එකෙන් එලුවෛන් පස්සේ අගමැතිට ආරක්ෂක මණ්ඩල මීටින්වලට කැඳවීම් නැ. රටේ ලොක්ක ඔහේගේ උපදෙස් පිට වැඩ කලේ.රට යනකොට ආරක්ෂක amathi කෙනෙක් මේ රටේ නෑ. අගමැති ආරක්ෂක මණ්ඩලය kandadewama එකට ආරක්ෂක මණ්ඩලේ යන්න නෑ .mokakda මේ රටේ තත්වය. මේ අපරාදේ වලක්වගන්න තිබුන . මෙයට සිරා වග කිව uthui . රනිල්ට රටට කියන්න තිබුන තමුන්ගේ තත්වය. සිරා සිගප්පුරේ සැප ගන්නවා මෙරටේ ආරක්ෂාව බාර එකෙක් නැ. ආරක්ෂක ලොක්කන් අගමැති කන්දෙව්වහම් ඔඋන් එකට යන්නේ නැ . jadadipathi එපා කියල.
Reply : 0 0
rocky Tuesday, 23 April 2019 04:41 PM
මොනවද මෙයා මේ දොඩවන්නේ? බුද්ධි අංශවල හිටපු මිනිස්සු අපරාධ කරපුවාම උන්ව අත්අඩංගුවට ගන්න එක වැරදිද? ඔබේ ක්‍රමයට තක්කඩිකම් , අපරාධ, මිනීමැරුම්, කප්පම්, කොමිස් ගැහිලි, ස්ත්‍රී දූෂණ ඉහවහ ගිය ආණ්ඩු අපට කොහෙත්ම වුවමන නැහැ! ලජ්ජා නැතුව දැන් බන කියන්නත් එනවා නේ!
Reply : 0 0
chathuri Tuesday, 23 April 2019 04:59 PM
මේ අලුත් බිහි වෙච්ච ත්‍රස්ත වාදීන් ටිකක්. කියල මෙයාට තේරුම් ගන්න. බැරි. ඇයි , පන්සල්. ගිහින් යෝග කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

